යේමනයේ අල් කයිඩා ප‍්‍රදේශීය නායකයකු ඝාතනය කිරීමට එරට ගුවන් හමුදාව ඊයේ (3) ගත් උත්සාහයක් අසාර්ථක විය. ගුවන් හමුදාවේ ඉලක්කය වූයේ අබ්දුල්රවුෆ් අල් දහාබ් නමැති අල් කයිඩා නායකයාය. පසුගිය මාස කිහිපය පුරා යේමන ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප‍්‍රහාර එල්ල කළේ දහාබ්ගේ සටන්කාමීන් යැයි යේමන බුද්ධි අංශ පවසයි. අබ්දුල්රවුෆ් අල් දහාබ් ඔහුගේ බිරින්දෑවරුන් තිදෙනාත් සමඟ මධ්‍යම යේමනයේ රාධා පළාතේ හාමා නමැති ගම්මානයේ සිට ‘පික්අප්’ රථ දෙකකින් ගමන් කරමින් සිටින බවට යේමන බුද්ධි අංශයට ඊයේ උදෑසන ඔත්තුවක් ලැබී තිබේ. බුද්ධි අංශයේ උපදෙස් අනුව, යේමන ගුවන් හමුදාව වහා කි‍්‍රයාත්මක වී, ප‍්‍රහාරක ජෙට් යානයක් පිටත් කර ‘පික්අප්’ රථ දෙකට මිසයිල ප‍්‍රහාර එල්ල කරවීය. අල් කයිඩා නායකයා ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම ප‍්‍රහාරයට බිලි වූයේ ඔහුගේ බිරියන් තිදෙනා සහ ආරක්ෂාවට සිටි සටන්කාමීන් හත් දෙනෙකි. ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයාට තුවාල සිදුවන්නට ඇති බවත් සෙසු සටන්කාමීන්ගේ උදවු ඇතිව ඔහු එම ස්ථානයෙන් පලා යන්නට ඇති බවත් බුද්ධි අංශ නිලධාරීහු අනුමාන කරති. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පතුරුවන්නෝ උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීහුය. ඔවුන් නිරන්තරයෙන් රජයේ හමුදා සමඟ ගැටුම් ඇති කර ගන්නා අතර දකුණු සහ උතුරු යේමනයේ පළාත් කීපයක් ද අත්පත් කර ගෙන සිටින බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමන හමුදා ප‍්‍රහාරයෙන් අල් කයිඩා නායකයා දිවි ගලවාගනී
ඩියෝ Tuesday, 04 September 2012 05:03 PM
අපේ කොල්ලන්ට කියන්නකෝ. දෙයි නියමෙටම. (නි)