ඇමෙරිකා හමුදා ඉලක්ක කර ගනිමින්, යේමන ගුවන් කඳවුරක පුපුරා යෑමට සැලැසුම් කර තිබුණු කාර් බෝම්බයක් සොයා එය නිෂ්කී‍්‍රය කර දැමීමට යේමන හමුදා සෙබළු පෙරේදා (6) සමත් වූහ. කාර් බෝම්බය අටවා තිබුණේ දකුණුදිග යේමනයේ ලාජ් ප‍්‍රාන්තයේ අනද් නමැති ගුවන් හමුදා කඳවුරේය. ඇමෙරිකා හමුදා නිලධාරීන් යේමන හමුදා සෙබළුන් පුහුණු කරන්නේ මෙම කඳවුරේය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පතුරුවන්නෝ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීහුය. රජයේ හමුදා ඔවුන් සමඟ සටන් වදින අතර හමුදා සෙබළුන්ට ඇමෙරිකා හමුදාවේ පුහුණුව ලැබේ. සටන්කාමීන් සොයා පහර දීමට ඇමෙරිකා හමුදාව යේමන හමුදාවට ඔවුන්ගේ ඩ්‍රෝන යානා ද ලබා දී ඇත. දකුණුදිග යේමනයේ නගර සහ ගම්මාන රැසක් අල් කයිඩා සටන්කාමීන්ගේ අණසක යටතේ පසුවන අතර ඒවා මුදා ගැනීමට රජයේ හමුදා උත්සහ දරමින් සිටී. බෝම්බය අටවා තිබූ මෝටර් රථය හමුදා මුර කපොළු කීපයක් මඟ හැර කඳවුර තුළට ගෙන ඒමට අල් කයිඩා සටන්කාමීන් සමත් ව ඇත. බෝම්බය පුපුරා ගියේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද යේමන හමුදාව වැඩි දුරටත් කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යේමන හමුදාව අල් කයිඩා කාර් බෝම්බය සොයා ගනී