IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යේමන බුද්ධි අංශ මූලස්ථානයට අල් කයිඩා ප‍්‍රහාරයක්:

යේමන බුද්ධි අංශ මූලස්ථානයට ඊයේ (19) එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයකින් එරට ආරක්ෂක අංශ සාමාජිකයෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ යේමනයේ ඒඩන් නුවර පිහිටි බුද්ධි අංශ මූලස්ථානයටය. සටන්කාමීන් මූලස්ථානයට කඩා වැදී ඇත්තේ එය ඉදිරිපිට කාර් බෝම්බයක් ද පුපුරුවා හරිමින්ය. කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ හටගත් කලබලය මැද සටන්කාමීන් මහල් තුනකින් සමන්විත වූ එම හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලට ඇතුළු වී වෙඩි තැබීමටත් අත්බෝම්බවලින් පහර දීමට පටන් ගෙන ඇත. ප‍්‍රහාරයෙන් මියගිය පිරිස අතර මූලස්ථානයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් සහ හමුදා සෙබළුන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප‍්‍රහාරයෙන් තවත් සෙබළුන් 7 දෙනකු සහ සිවිල් වැසියෝ තිදෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය සඳහා අල් කයිඩා සටන්කාමීන් 10 දෙනකුගෙන්  සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බවත් ඔවුන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු ද සිටි බවත් යේමන ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ උතුරු අප‍්‍රිකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි. යේමන රජය ඔවුන් සමඟ සටන් කරන්නේ ඇමෙරිකාවේ සහාය ඇතිවය.



අදහස් (0)

යේමන බුද්ධි අංශ මූලස්ථානයට අල් කයිඩා ප‍්‍රහාරයක්:

ලාල් Monday, 20 August 2012 06:09 PM

උන්මත්තකයින්...(ස)

:       0       0

මධූ Monday, 20 August 2012 12:29 PM

හොඳ පුවතක්. මදි මදි......(ස)

:       0       0

සදුන් Monday, 20 August 2012 12:27 PM

බෝ වෙනවා වගේම විනාසත් වෙනවා හොදේ....(ස)

:       0       0

නිමල් Monday, 20 August 2012 01:56 PM

බෝම්බ පුපුරන එක වෙන්න ඇති දෙවියන්ගේ කැමති ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 10 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 729 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site