IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යේමන් ජනපති බලය අත්හැරියේ ඇයි?

වසරකට ආසන්න කාලයක් යේමනයේ ජනතාව ගෙන ගිය උද්ඝෝෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස වසර 33 ක් බලයේ සිටි අලි අබ්දුල්ලා සාලේ පසුගිය සතියේ එක්සත් ජනපදය බලා පිටත්ව ගියේ සිය උප ජනාධිපති මන්සුර් අලි හස්ට බලය පවරාය. පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ හා සෞදි අරාබියේ මැදිහත්වීමෙන් ඒකාබද්ධ විපක්ෂය සමග ඇති කරගත් එකඟත්වය අනුව උප ජනාධිපති ප‍්‍රමුඛ සභාගයකට බලය පවරා රටින් පිටව යෑමට සාලේ එකඟ වුවද එය ප‍්‍රමාද වූයේ ඔහුට දඬුවම් නොලැබ සිටීමේ මුක්තියත් එම කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර ගන්නා තෙක්ය. එවැනි මුක්තියක් අලි අබ්දුල්ලා සාලේට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ඔහු සමග වැඩ කළ අනෙක් නිලධාරින්ටත් හිමිවිය. ඒ අනුව ඔහුගේ පාලනය යටතේ විරෝධය දැක්වූ නිරායුධ ජනතාව හමුදා ප‍්‍රහාරවලින් මරා දැමීම හා අනෙකුත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට කිසිදු අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නැත. පසුගිය ජනවාරි 8 වැනිදා සම්මත කරගත් නීතියක් අනුව එම මුක්තිය ඔහුට ලැබුණ නිසා සාලේ එක්සත් ජනපදයට ගියේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමටය. අරාබිකරයේ පසුගිය වසරේ ඇතිවූ ජනතා නැගිටීම නිසා පාලන බලතල අතහැර ගිය සිව්වැනි රාජ්‍යනායකයා වූ සාලේට ඒ කවරෙකුට හෝ හිමි නොවූ දඬුවම් නොලැබ සිටීමේ අයිතියක් ලබාදීම තවමත් අරගලයේ යෙදී සිටින කණ්ඩායම්වල දැඩි විරෝධයට ලක්විය. ජනවාරි 8 වැනි මෙම නීතිය සම්මත කර ගැනීමෙන් පසුව ජනවාරි 9 වැනිදා රට පුරාම විරෝධතා ව්‍යාපාර හට ගැනිණ. යේමනයේ දෙවැනි විශාල නගරය වන ටායේ හි දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර එහි ප‍්‍රදේශ 18 කම ජනතාව වීදි බැස උද්ඝෝෂණය කළහ. ඔවුන්ගේ පොදු ඉල්ලීම වූයේ පාලනයේ වෙනසක් ඉල්ලා වීදි බැස උද්ඝෝෂණය කළ ජනතාව ඝාතනය කිරීම හා වධ හිංසාවලට ලක් කිරීම සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවූ සාලේ හා ඔහුගේ අනුගාමිකයින් අපරාධ අධිකරණයක් ඉදිරියට පැමිණ විය යුතුය යන්නයි. ලිබියාවේ ගඩාෆිට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ගුවන් තහනම් කලාපයක් කි‍්‍රයාත්මක කිරීමට හා නේටෝ ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමට හේතු වූයේද පාලනයේ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාව මර්දනය කිරීමට හමුදා ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීමය. දැනට සිරියාවේ ජනාධිපති අසාඞ්ට එරෙහිව සම්බාධක පැනවීමටත් ඔහු පාලන බලයෙන් ඉවත් විය යුතු බවටත් ජාත්‍යන්තර මතයක් විශේෂයෙන්ම එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවල ගොඩනැගී ඇත්තේද මෙවැනිම චෝදනා යටතේය. එසේ වුවත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයින් සිවිල් ජනතාවට ප‍්‍රහාර එල්ල කිරීම හා ඝාතනය කිරීම පිළිබඳව චෝදනාවලින් නිදහස් කර මුක්තියක් ලබාදී ඇත. එහෙත් යේමනයේ විරෝධතාකරුවන් එවැනි මුක්තියක් ලබාදීමට එකඟ වන්නේ නැත. වෙනසකට ඇත්තේ මෙම විරෝධතාකරුවන්ට එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ සහයෝගය නොලැබීමය. ජනවාරි 9 වැනිදා යේමනයේ රට පුරාම හටගත් විරෝධතාවට ප‍්‍රතිචාර දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශිකා වික්ටෝරියා නූලන්ඞ්, සාලේට මුක්තිය ලබාදීම අනුමත කළාය. එය ඇති කරගත් ජාත්‍යන්තර එකඟතාවක් අනුව සිදුවූවක් නිසා නිත්‍යනුකූල පියවරක් බවද පෙන්වා දුන්නාය. විපක්ෂ සන්ධානයෙන් අගමැති තනතුරට පත් කර ඇති මොහොමඞ් බසින්ඞ්වා මේ ආකාරයට මුක්තියක් ලබා නොදෙන්නේ නම් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබුණේ යැයි පැවැසුවේය. කුරිරු පාලකයෙකු වූ අලි අබ්දුල්ලා සාලේට මුක්තියක් ලබාදී පාලනයෙන් ඉවත් කිරීම සැබැවින්ම ජනතාවගේ ඉල්ලීම පලගැනීමක් නොව ජනතා උද්ඝෝෂණයට හිස නමන බවක් දක්වමින් පැරැුණි (හමුදා* පාලනය වෙනත් ආකාරයකින් පවත්වා ගැනීමේ උත්සාහයකි. යේමනයේ සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවාදී පාලනයක් ස්ථාපිත වීම අසල්වැසි සෞදි අරාබිය දකින්නේ අනතුරක් ලෙසිනි. ඒකාධිපති රාජාණ්ඩුවක් පවතින සෞදි අරාබියේ කිසිම ආකාරයක විරෝධය දැක්වීමට ඉඩක් ලැබෙන්නේ නැත. සෞදි අරාබිය ලොව සුපිරි බලවතා වන එක්සත් ජනපදය සමග හමුදාමය හා ආර්ථික සබඳතා පවත්වා ගන්නා නිසා එහි රාජාණ්ඩුව වෙනස් කිරීමකට එක්සත් ජනපදය ඉඩ දෙන්නේද නැත. අනෙක් අතට නියමුවන් රහිත ගුවන් යානා මගින් යේමනයේ පුද්ගලයින් මරා දැමීම එක්සත් ජනපදය විසින්ද කරනු ලබයි. අල්කයිඩා නායකයින් යැයි හඳුන්වන පුද්ගලයින් ඝාතනය කිරීම එක්සත් ජනපදය කලක සිටම යේමනයේ සිදු කරන්නකි. පසුගිය වසරේ එල්ල කළ එවැනි ප‍්‍රහාරයකින් එක්සත් ජනපදයේ පුරවැසියෙකු වන අන්වර් අල් එවල්කේ ද මරුමුවට පත්විය. එක්සත් ජනපදය පවසන ආකාරයට යේමනය තුළ අරාබියේ අන්කවර රටකටත් වඩා අල් කයිඩා බලය ව්‍යාප්තව ඇති නිසා යේමනයේ පාලනය වෙනස් විය යුත්තේ එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අපේක්ෂා කරන ආකාරයටය. පෙබරවාරි 21 වැනිදාට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සභාගයෙන් පොදු අපේක්ෂකයකු ලෙස සාලේගේ පාලනයේ උප ජනාධිපති වූ මන්සුර් හඞ් ඉදිරිපත් කරන්නේද එම අරමුණෙනි. යේමනයේ පාලනය සෞදි අරාබියාවේදී ඇති කරගත් එකඟතාවක් අනුව සාලේගේ උප ජනාධිපතිට පැවැරීමත් ඒකාධිපති පාලන ව්‍යුහය වෙනස් නොකොට සාලේට බලය රඳවා ගැනීම සඳහා සකස්කරගත් කි‍්‍රයා පටිපාටි යටතේ ජනාධිපතිවරණය පැවැත්වීමත් ජනතා උද්ඝෝෂණයේ පලයකට වඩා එය අඩපණ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස සැලකිය හැකිය. එය වඩාත් කැපී පෙනෙන්නේ සිරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය හා කි‍්‍රයාමාර්ග සැසඳීමෙනි. එවැනි පසුබිමක් යටතේ යේමනයේ සිදුවන්නේ පුද්ගලයින් වෙනස් කොට පැරැුණි කි‍්‍රයා පටිපාටිය නොවෙනස්ව පවත්වා ගැනීමේ උත්සාහයක් බව පැහැදිලිය.

සටහන - මහින්ද හත්තක
හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සාලේ සාලේගේ ආධාරකරුවන් පිරිසක් සාලේට විරුද්ධ පාක්ෂිකයන්ගේ පෙළපාලියක් වත්මන් ජනාධිපති අහමඞ් මන්සූර් සාලේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී  එරට මැති ඇමතිවරුන් ඡන්දය ප‍්‍රකාශ කළ ආකාරය



අදහස් (0)

යේමන් ජනපති බලය අත්හැරියේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site