IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යේමන ආරක්ෂක ඇමැති ඝාතන තැත වරදී

යේමන ආරක්ෂක ඇමැති මොහොමඞ් නසර් අහමඞ් ගමන් ගත් රථපෙළ ඉලක්ක කරගෙන පෙරේදා(12) එල්ල වූ කාර් බෝම්බ ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ඇමැති නසර් අහමඞ් ඉන් දිවි ගලවා ගැනීමට සමත් වූ බව යේමන රජය පවසයි. ඇමැතිවරයා ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල වූයේ යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සාලේට නිදහස ලබා නොදෙන ලෙස පවසමින් එරට වැසියන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් සානා නුවර විරෝධතාවක නිරතවෙමින් සිටි අවස්ථාවකදීය. ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ආරක්ෂක ඇමැතිවරයාගේ ආරක්ෂක භටයන් හත් දෙනකු සිටින බවද වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ ත‍්‍රස්තවාදී මෙහෙයුම් බාරව කි‍්‍රයා කළ අල් කයිඩා සංවිධානයේ දෙවැනි නායකයා වූ සයීඞ් අල් ෂේරි යේමන හමුදා අතින් ඝාතනයවීමෙන් දිනකට පසුව මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ. මේ වන තෙක් කිසිදු පාර්ශවයක් ප‍්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව එරට රජයේ ප‍්‍රකාශකයකු සඳහන් කළේය. ඉකුත් මැයි මාසයේදී අල් කයිඩා සටන්කාමීන් යේමන අගනුවරට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළ අතර ඉන් සෙබළු සියයක් ජීවිතක්ෂයට පත් වූහ. එම ප‍්‍රහාරයේ ඉලක්කය වූයේද ඇමැති නසර් අහමඞ්ය. මොහොමඞ් නසර් අහමඞ්



අදහස් (0)

යේමන ආරක්ෂක ඇමැති ඝාතන තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site