IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යේමනයේ ඇමෙරිකානු තානාපති මැරුවොත් අල් කයිඩාවෙන් මුදල් තෑගි

යේමනයේ ඇමෙරිකා තානාපතිවරයා හෝ එරට සිටින ඇමෙරිකා හමුදා සෙබළකු හෝ මරා දමන අයකුට, මුදල් තෑගි පිරිනැමීමට තමන් සූදානම් යැයි එරට කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය පවසයි.
අල් කයිඩාව වෙනුවෙන් එම ප‍්‍රකාශය කර ඇත්තේ එහි මාධ්‍ය ප‍්‍රකාශක සංවිධානය ලෙස හැඳින්වෙන අල් මලාහෙම් පදනමයි. ඔවුන් එම ප‍්‍රකාශය ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබුණි.
එම ප‍්‍රකාශයේ දැක්වෙන අන්දමට යේමනයේ ඇමෙරිකා තානාපති ජෙරල්ඞ් ෆියෙස්ටීන් මරා දමන අයකුට ඩොලර් 1,60,000 ක් ද යේමනයේ සිටින සාමාන්‍ය ඇමෙරිකානු සෙබළකු මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් 23,000 ක මුදලක් ද පිරිනැමීමට අල් කයිඩාව සූදානම් වෙයි.
අල් කයිඩා සංවිධානය කළ එම ප‍්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ මේ සඳහා මාස 6 ක කාලයක් ද ලබා දෙන බවය. යේමනය මුස්ලිම් ජිහාඞ් රාජ්‍යයක් බව ජනතාවටත් ඇමෙරිකාවටත් මතක් කර දෙමින් තමන් හම නිවේදනය නිකුත් කිරීමට පියවර ගත් බවත් වාර්තා වේ.
අල් කයිඩාවේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. ප‍්‍රධාන අල් කයිඩාව මෙන් නොව යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ප‍්‍රබල සංවිධානයක් ලෙස ඇමෙරිකාව නොසළකයි.
යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ  කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයයි. ඔවුහු ගෝති‍්‍රක සටන්කාමීන් ද සමඟ එක් වී යේමනයේ ප‍්‍රදේශ රැුසක් අත්පත් කර ගෙන සිටිති.
කෙසේ නමුත් යේමනයට හිසරදයක් වී ඇති එම සටන්කාමීන්ට එරෙහිව යේමන හමුදා කරන සංග‍්‍රාම මෙහෙයුම්වලට ඇමෙරිකානු රජයේත් සී.අයි.ඒ. බුද්ධි අංශයේත් සහාය හිමි වෙයි.
ඇෆ්ගනිස්තානයේ මෙන් නොව ඇමෙරිකා හමුදා සෘජුව එම සංග‍්‍රාම කටයුතුවලට දායක නොවන අතර, යේමනයේ රැඳී සිටින්නේ ඇමෙරිකා සෙබළුන් අතලොස්සක් පමණි.
යේමන අල් කයිඩා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකා හමුදා යේමන ආරක්ෂක අංශ සමඟද එක් වී, ඩ්‍රෝන යානා යොදා ගෙන පහර දෙයි.
පසුගිය දා ඩ්‍රෝන යානා යොදා ගනිමින් යේමනයේ ෂිහාර් නගරයේ අල් කයිඩා තිප්පොලක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකට සටන්කාමීහු දෙදෙනෙක් බිලි වූහ. ෂිහාර් නගරය පිහිටා ඇත්තේ නැගෙනහිර යේමනයේ හඞ්රාමාත් පළාතේය. ප‍්‍රහාරයට ලක් වෙද්දී සටන්කාමීන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව ද වාර්තා වේ.



අදහස් (0)

යේමනයේ ඇමෙරිකානු තානාපති මැරුවොත් අල් කයිඩාවෙන් මුදල් තෑගි

ලහිරු Thursday, 03 January 2013 04:10 PM

තව ටික දවසකින් ලංකාවට ඕකේ අනෙක් පැත්ත තමයි වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site