යුක්රේනයේ බෙදුම්වාදී කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සැන්ඩර් බොරොඩායි මාධ්‍ය සාකච්ඡවාකද දී ගියා ඇත්තේ මිසයිලයකින් විනාශ වූ එම්.එච් 17 ගුවන් යානයේ කළු පෙට්ටිය දැන් තමන් භාරයේ තිබෙන බවයි. මේ කළු පෙට්ටිය හා මියගිය අයගේ සිරුරු ජාත්‍යන්තර පරීක්ෂකයන්ට භාර දීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු කියයි.
අනතුර සිදුවූ ස්ථානය ආසන්න ගොවිබිමක සිට කළු පෙට්ටිය ගෙන එන ආකාරය පෙන්වන රූපරාමු සහිත වීඩියෝ පටියක් ද ඔවුන් මධ්‍යයට නිකුත්කැර ඇත. කැරළි කරුවන් පවසන්නේ මොස්කව් පාලනය මේ කළු පෙට්ටිය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් පසුවන බවයි.
සඳුදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක බල මණ්ඩල සැසියේ දී මේ යානය ගැන බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියා ව සකච්ඡා කිරිමට ද නියමිතව තිබේ. ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට මේ අනතුර සිදුවූ ස්ථානයට යාමට අවසරයක් නැත.
යුක්රේන හදිසි සේවා ඒකකයේ සාමාජිකයන් මළ සිරැරු එකතු කර බෑග් වලට දාමා ඉවත් කිරිමට සූදානම් ව සිටිය දී සන්නද්ධ කැරළි කරුවන් ඒ සිරුරු නොදන්නා ස්ථානයකට රැගෙන ගොස් ඇත. මේ කැරළි කරුවන් සන්නද්ධවී පැමිණීම නිසා කිසිවක් කරගත නොහැකිව ඔවුන් කරන දේ බලා සිටීමට සිදු වූ බව සහන සේවකයෝ කියති. ඔවුන් දැන් පවසන්නේ ටොරෙස් නගරයේ දුම්රිය මැදිරියක අධි ශීතකරනවල එම සිරුරු රඝවා තිබෙන බවයි. දිවා රෑ නොබලා එම ස්ථානයේ තිබූ සිරුරු රැස්කිරීමේදී මෙතෙක් හමුවී තිබෙන්නේ මියගිය අයගේ සිරුරු 196ක් පමණි. ඉතිරි සිරුරු 102 ට සිදුවූ දෙයක් ගැන කිසිවෙකුත් දන්නේ නැත.
සැතපුම් නමයකට ඈතින් ශීත කරපු දුම්රිය පෙට්ටියක තිබී කැරළි කරුවන් විසින් ගෙන යනු ලැබූ සිරුරු සැතපුම් නමයක් ඈතින් නවතා ඇති දුම්රිය මැදිරියක අධිශීතකරණයක බහා තබාගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යානයේ කළු පෙට්ටිය හමුවේ
එරංග Tuesday, 22 July 2014 10:18 AM
මේකටත් ලංකාව ගාවාගන්න ඇමරිකාව-ජිනීවා මානබලනවා ඇති (නි)
හේෂාන් විල්ලොචන Tuesday, 22 July 2014 04:34 AM
තවත් සොයා ගැනීමක් . (අ)
ඉසුරන්දි Tuesday, 22 July 2014 05:53 AM
කොරේ පිටට මරේ කිව්වලු.(අ)
ලෙස්ලි Tuesday, 22 July 2014 01:22 AM
ජිනීවා නුවර කට්ටිය මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැද්ද? (නි)