IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි. චීන ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ යුද ගැටුම් නොව, ලෝකයට අවශ්‍ය වන්නේ සාමය යැයි පැමැදිලි කරමිණි.

චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ ලෝක සාමය ගැන හඬ නැගුවේ, බ්‍රසීලයේ, බ්‍රසීලියා අගනුවරදීය. මෙවර ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව පසුගිය 18 සහ 19 වැනිදා, බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවරදී පැවැත්විණි.

එම ‘ජී20’ රටවල රාජ්‍ය නායකයෝ සියලු දෙනා ඊට සහභාගී වූහ. සමුළුවේ සත්කාරකරු වූයේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය. ‘ජී20’ රාජය නායක සමුළුවෙන් පසු , චීන ජනාධිපති ජින්පින්, බ්‍රසීලියා අගනුවරට ගොස් බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත්තේය.

එහිදී රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි. 

පටු දේශපාලන අරමුණු පසෙකලා, එකමුතු වී ලෝකයට සාමය උදා කිරීමට සෑම රටක්ම පියවර ගත යුතු යැයි චීන ජනාධිපතිවරයාත්, බ්‍රසීල ජනාධිපතිවරයාත් එකඟත්වය පළ කළහ. චීනයත්, බ්‍රසීලයත් ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින බව ද රාජ්‍ය නායකයෝ දෙදෙනා මාධ්‍ය හමුවේ අවධාරණය කළහ.



අදහස් (0)

යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site