IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යටවූ මගියා ගන්න කාරය ඔසවයි

කළබලකාරී නිව්යෝක් නගරයේ තවත් සන්ධ්‍යාවකි. වැඩ නිමවා නිවාස වෙත යන්නන්ගෙන් මංමාවත් පිරී පැවතිණ.

මගියෙකුත් පටවාගෙන කළබලයෙන් වෙට්ටු දමමින් යන කුලී රියකි. යන ගමන අවසානයේදී නතර වන්නේ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ද යට කරමිනි.

වහා එතැනට රැස්වන පොලිසිය  රියැදුරාට දඩුවම් කිරීම පසෙක තබා රථයට යටවී සිටි  පුද්ගලයාව පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි. එය ව්‍යර්ථ වන්නේ රථය පුද්ගලයා මතින් ඉවතට ගෙන මිස ඔහු  පිටතට ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි.

සිය සහෝදර සගයන්ටත් අඩගසනා පොලිස් නිළධාරීන් පිරිස කරන්නේ කිලෝ ගණනක් බර රථය සියල්ලන් සමග ඔසවා පැත්තකින් තැබීමයි. එසේ යටවී සිටිනා පුද්ගලයා  පිටතට ගන්නා ඔවුහු වහා ඔහු රෝහල්ගත කිරීමටද කටයුතු කරති.

මේ සියල්ල අසල සිටියෙකුගේ කැමරාවේ සටහන් විය.

 

 



අදහස් (0)

යටවූ මගියා ගන්න කාරය ඔසවයි

සිල්වා Wednesday, 16 January 2013 11:45 AM

අපිට ‍හොද ආදර්ශයක් (ස)

:       0       0

ලක්ෂිත Thursday, 17 January 2013 12:32 AM

මධූ, අපේ රටේ මනුස්සකම තියෙනවා. (නි)

:       0       0

දම්මි Friday, 18 January 2013 08:27 AM

මෙන්න නියම මිනිස්සු. ඒකටත් එක්ක මෙහේ? (නි)

:       0       0

සමන් Thursday, 17 January 2013 05:58 AM

ඕක අපේ රටේ වුණා නම් වෙන්නේ ලෙඩා පැත්තක ඉන්දැද්දී රියැදුරාට හොදට නෙළන එකනේ. (නි)

:       0       0

නිසා Thursday, 17 January 2013 08:08 AM

අපේ රටේ මනුස්සකම් නැහැ කියලා කියන්නේ අමූලික බොරුවක්. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 16 January 2013 07:31 PM

කළ යුතු දෙය පසෙක තබා වීඩියෝ කරන්නන්ට හොද ආදර්ශයක්. (නි)

:       0       0

මධු Wednesday, 16 January 2013 07:43 PM

අපේ රටේ මනුස්සකම් නැති එක ගැන කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 94 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site