
නැගෙනහිර යුක්රේනයේ කර්ස්ක් පළාතේ, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සෙබළුන් යටත් වන්නේ නම්, ඔවුන්ට කිසිදු අනතුරක් නොකරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
මේ වනවිට කර්ස්ක් පළාතේ, ප්‍රදේශ රැසක බලය ඇත්තේ රුසියන් හමුදා යටතේය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම සැලැස්මක් හඳුන්වාදී ඇති ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ කර්ස්ක් පළාතේ යුක්රේන හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා දෙන ලෙසය.
යුක්රේන සෙබළුන් යටත් වන්නේ නම්, ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අනතුරක් සිදු නොවන බව රුසියන් ජනාධිපතිවරයා පැවැසුවේ ඒ් අනුවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd