
චීනයත්, පිලිපීනයත් පසු කරමින්, පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබූ ගණන 240 ක් බව පැවැසෙයි.
හැනොයි අගනුවර අයත් හැනොයි පළාත ඇතුළු පළාත් 12 කට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වුණු අතර, වැඩියෙන්ම බලපෑම් එල්ල වූයේ උතුරුදිග පළාත්වලටය
සුළි කුණාටුවේ බලපෑමෙන්, උතුරුදිග වියට්නාමයේ වියට්නාමයේ රතු නදියට ඉහළින් ඉදි කළ පාලමක එක් කොටසක් සම්පූර්ණයෙන් කඩා වැටුණි. එම අවස්ථාවේ, පොංග් චෝ නමැති එම පාලමේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 10 ක් සහ යතුරුපැදි දෙකක් පහළ රතු ගංගාවට වැටුණු බවත්, මෝටර් රථ සහ යතුරුපැදිවල ගමන් කරමින් සිටි 13 දෙනෙකු අතුරුදන් බව පැවැසෙයි. පාලම කඩා වැටුණේ මහා ජල කඳකින් රතු ගංගාව පිටාර ගලද්දීය.
මේ වනවිට, සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්, මේ වනවිට මිලියන 1.5 ක් වියට්නාම වැසියන් පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්වී සිටින බවත් වාර්තා වේ. වෙරළාශිත අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වුණු 50,000 ක් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
‘යාගී’ චීනය සහ පිලිපීනය පසු කරද්දී, චීනයෙන් සහ පිලිපීනයෙන් මරණ 24 ක් වාර්තා විය. වසර 30 කට පසු වියට්නාමයට කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණාටුව වන්නේ ‘යාගී’ යැයි ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘යාගී’ සුළි කුණාටුව වියට්නාමය කලඹයි