IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවේ

කායික මානසික සුවය ලබා දෙන යෝග ව්‍යායාමවල ආරම්භය සිදුවූයේ ඉන්දියාවෙන් නොව නේපාලයෙන් යැයි නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා කියයි.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් අසල්වැසියන් වන ඉන්දියාවත් නේපාලයත් අතර අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

'ජගත් යෝග දිනය' ඊයේ (21) ට යෙදී තිබුණි. ලෝකයට යෝග දිනයක් අවශ්‍ය යැයි පෙන්වා දෙමින්, ඒ සඳහා දිනයක් නම් කිරීමට මැදිහත්වී කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය.

ඊයේ (21) අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානවත්වයෙන් 'යෝග දිනය' සැමරීම සිදුවිය. ලොව පුරා දහස් ගණනින් ඊට සහභාගී වූහ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුවය.

'යෝග ආරම්භ වුණේ නේපාලයෙන්. ඒ කාලයේ ඉන්දියාවක් තිබුණේ නැහැ. අද අගමැති මෝදි යෝග ගැන ලොවට කියනවා. එහි අගය පෙන්වා දෙනවා. ඉන්දියානුවෝ හැමෝම යෝග ගැන ආඩම්බරයෙන් කතා කරනවා. ඒත් යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවෙයි. නේපාලයෙන්' යැයි නේපාල භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා පැහැදිලි කර තිබේ.

කත්මණ්ඩුහිදීය (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site