IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යුක්රේන නාවික යාත්‍රා වලට වෙඩි තැබුවා යැයි රුසියාවට චෝදනා

මොස්කව්හිදීය/කීව්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)

කළු මුහුදේදී යුක්රේනයට අයත් නාවික යාත්‍රා කිහිපයකට වෙඩි තබා එම යාත්‍රා ඔවුන්ගේ ග්‍රහණයට ගත් බවට රුසියාවට චෝදනා එල්ල වී ඇත.

යුක්රේන නාවික හමුදාව තම ෆේස්බුක් පිටුවේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් රුසියාව තම යාත්‍රා තුනකට වෙඩි තැබූ බවත් වෙඩි තැබීම්වලින් එක නිලධාරියකු තුවාල ලැබූ බවත් සඳහන් කර තිබිණි. 

මෙය සිදුවූයේ ඉරිදා දිනයේදී වන අතර නාවික යාත්‍රා තුන රුසියාවේ ග්‍රහණයට නතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

රුසියානු පාලනයේ තිබෙන ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න මුහුදේදී එම වෙඩි තැබීම සිදු වී තිබෙන අතර මේ නිසා රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවසේ. 

කළු මුහුදේදී තම වෙරළ ආරක්ෂක බෝට්ටු යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනක් අල්ලා ගත් බවත් ඒවා නැවැත්වීමට ආයුධ භාවිත කිරීමට සිදු වූ බවත් රුසියාවේ එෆ්.එස්.බී. ආරක්ෂක සේවය උපුටා දක්වමින් රුසියානු පුවත් ආයතන වාර්තා කර තිබිණි. 

යුක්රේනයට අයත් එම යාත්‍රා අනවසරයෙන් රුසියාවට අයත් මුහුදු සීමාවට ඇතුළු වූ බවත් ඔවුන් නීති විරෝධි ක්‍රියාකාරකම්වල යෙදීමටත් උත්සාහ කළ බවත් එෆ්.එස්.බී. ආරක්ෂක සේවය සඳහන් කර ඇත. එම යාත්‍රා තම අණ නොතකා කටයුතු කළ බැවින් ආයුධ භාවිත කිරීමට සිදු වූ බව එම සේවය පවසා ඇත. 

055



අදහස් (0)

යුක්රේන නාවික යාත්‍රා වලට වෙඩි තැබුවා යැයි රුසියාවට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site