IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


යුක්රේන නාවික යාත්‍රා - නාවිකයින් නිදහස් කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැතිනිය කියයි

(බුවනෝස් අයර්ස්හිදීය (රොයිටර්ස්)
 
රුසියාව යුක්රේන නාවික යාත්‍රා සහ නාවිකයන් නිදහස් කළ යුතු යැයි  බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පැවැසුවාය. 
 
රුසියාව පසුගිය ඉරිදා යුක්රේනයට අයත් නාවික යාත්‍රා තුනක් ඔවුන්ගේ ග්‍රහණයට ගත්තේය. රුසියාව තම නාවික යාත්‍රාවලට වෙඩි තැබූ බවත් නාවිකයකු තුවාල බවත් යුක්රේනය රුසියාවට චෝදනා කළේය.

යුක්රේන යාත්‍රා නිදහස් කිරීමට පියවර නොගතහොත් රුසියාවට සම්බාධක පැනවීමට පසුබට නොවන බව ද බ්‍රිතාන්‍යය අගමැතිනිය සඳහන් කළාය. 

යුක්රේන යාත්‍රා ආරක්ෂක අංශවල අණ නොතක තම මුහුදු සීමාවට ඇතුළ් වූ බවත් ඔවුන් පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට සිදු වූ බවත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පැවැසීය. 
 
රුසියාව 2014 වසරේදී යුක්රේනයට අයත් කීව් අර්ධද්වීපය අල්ලාගත්තේය. එතැන් පටන් දෙරට අතර සබඳතා පළුදු වූ අතර සෑම අවස්ථාවකදීම එකිනෙකාට චෝදනා කරගත්තේය.
 
මෙවර ඔවුහු එකිනෙකාට චෝදනා කරගනිති.
 
“මෙය රුසියාවේ හැසිරීමේ කොටසක්. ඔවුන් යාත්‍රා සහ නාවිකයන් නිදහස් කළ යුතුයි. රුසියාව තත්ත්වය සමථයකට පත් කළ යුතු” යැයි අගමැතිනිය සඳහන් කළාය.
 
වාර්තාකරුවන් හමුවේ ඇය එම කරුණු කීවාය. 
 
බ්‍රිතාන්‍යය අගමැතිනිය ජී 20 සමුළුවට සහභාගී වීම සඳහා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් වෙත පැමිණි සිටින අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඊට සහභාගී වීමට නියමිතය. 
 
 
(055)



අදහස් (0)

යුක්රේන නාවික යාත්‍රා - නාවිකයින් නිදහස් කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැතිනිය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1809 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 579 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site