IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


යුක්රේන ජනාධිපති බැක්මුට් යුද පෙරමුණේ

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට බැක්මුට් නගරයේ යුද පෙරමුණට ගොස්, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සොල්දාදුවන් හමුවී ඔවුන්ට වීර පදක්කම් පිරිනැමුවේය.

පසුගිය මාස පහක කාලය තිස්සේ බැක්මුට් නගරයේ යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ දරුණු අවි ගැටුම් පැවැති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පදක්කම් පිරිනැමීම සිදුවූයේ එම යුක්රේන සොල්දාදුවන්ගේ වීරත්වය ඇගයීමට ලක් කරමිනි. බැක්මුට් නගරය ඩොනෙක්ස් පළාතට අයත් ප්‍රධාන නගරයකි.

රුසියන් ප්‍රහාර හේතුවෙන් බැක්මුට් නගරයට සිදුවී ඇති මහා විනාශය දැක යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කම්පාවට පත් වුණු බව ද යුක්රේන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

බැක්මුට් නගරයේ යුද පෙරමුණේ සිටින යුක්රේන සොල්දාදුවන්, රුසියන් හමුදාවලට පහර දෙන්නේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ආධාර ලෙස ලැබුණු අවිවලිනි.

මේ අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ බටහිර අවිවලින් ශක්තිමත් යුක්රේන හමුදා සමඟ සටන් වැදීම තම හමුදාවට ගැටලුවක් වී ඇති බවය. රුසියන් ජනාධිපතිවරයා පසුගියදා අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් නුවරට ගොස් බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ හමුවිය.

ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ යනු රුසියන් ජනාපධිති පුටින්ගේ සමීපතම මිතුරෙකි. පුටින් බෙලරූස් රාජ්‍යයට ගොස් ඇලෙක්සැන්දර් ලුකෂෙන්කෝ හමුවූයේ වසර 3 කට පසුවය. යුක්රේන යුද්ධය අවසන් කිරීමට සහාය ඉල්ලීම පුටින්ගේ අරමුණ විය.

(රොයිටර්)



අදහස් (1)

යුක්රේන ජනාධිපති බැක්මුට් යුද පෙරමුණේ

chandima Thursday, 22 December 2022 01:20 AM

යුක්රේන මිනිස්සුත් අපේ රටේ වගේම මෝඩයින්... අපි මේ එහෙ මෙහෙ යන ජෝකර්ලාට රට බාරදීලා දැන් පරිප්පු කනවා. එහෙත් ඒ ටිකමයි. අර හොඳට තිබුණු රට විනාශ කර ගත්තා. ආර්ථික විශේෂඥයෙක් නැතිනම් උගත් ව්‍යාපාරිකයෙක් වත් ජනාධිපති වෙලා උන්නා නම් කීයටවත් රට යුද්ධයකට පටලැවෙන්නේ නැහැ. අල්ලපු රටේ අය යුද්ධයට පටලවලා ඔවුන්ට ආයුධ ටිකකුත් විකුණලා අප්පුඩි ගහගහ බලන් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 442 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site