ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. ඒ, යුක්රේන රුසියන් අර්බුදය සම්බන්ධයෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෝලන්තය හරහා යුක්රේනයට ගොස් කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය විසඳීමේ අපේක්ෂාවෙනි. ඉන්දියාව යුක්රේනය සමඟත් රුසියාව සමඟත් යහපත් සබඳතා පවත්වන රාජ්‍යයකි.
යුද්ධයකින් කිසිවක් විසඳීමට නොහැකි බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සහ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මෝදිට හැකිවේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද විශ්වාසය පළ කර තිබේ. යුක්රේන සංචාරය නිම වී පැමිණි මෝදිට ඇමතුමක් දී ඒ ගැන විමසීමට ජෝ බයිඩන් ද කටයුතු කළේය.
පුටින් සමඟ කළ දුරකතන සංවාදයේ දී මෝදි පෙන්වා දී ඇත්තේ දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම අනුව, සටන් විරමයකට යමින් යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඕනෑම සටන් විරාමයකට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුක්රේන අර්බුදය: මෝදි-පුටින් සාකච්ඡා