IMG-LOGO

යුක්රේනයේ ඇමෙරිකන් පුරවැසියන් වහා පිටවෙන්න

යුක්රේනයේ සිටින ඇමෙරිකානු පුරවැසියන් වහා එරටින් පිටවිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

දිනෙන් දින යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් වැඩි වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් යුක්රේනයේ සිටින ඇමෙරිකානු පුරවැසියන් බේරා ගැනීමට හමුදාව නොඑවන බව ජනාධිපති බයිඩන් පවසයි.

මොහොතකින් සියල්ල වෙනස් විය හැකි නිසා ඇමෙරිකානු පුරවැසියන් යුක්රේනයෙන් පිටවීම යෝග්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය නොකරන බව පවසයි. බෙලරුස් රාජ්‍යයේ විශාල රුසියානු යුද අභ්‍යාස ක්‍රියාත්මක වෙමින් පවතී.

රුසියානු යුද අභ්‍යාස හේතුවෙන් කළු මුහුදේ සහ අසොව් මුහුදේ  යුක්රේන නාවික කටයුතු  අවහිර වී ඇතැයි යුක්රේනය පවසයි. තම පැරණි සෝවියට් රුසියානු අසල්වැසියා නේටෝ සංවිධානයට එකතු වීම වැලැක්වීම සඳහා ‘රතු ඉරක්’ ඇඳිය යුතු බව ක්‍රෙම්ලිනය පවසයි.

යුද උණුසුම දිනෙන් දින වැඩිවීම හේතුවෙන් තම පුරවැසියන් වහා යුක්රේනයෙන් පිටවිය යුතු බව ඇමෙරිකානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

“ඕනෑම මොහොතක සියල්ල වෙනස් විය හැකියි. ලෝකයේ සිටින විශාලතම සහ බලගතු හමුදා වලින් එකක් තමයි යුක්රේන දේශසීමාවේ මේ වනවිට රැඳී සිටින්නේ” යැයි ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේනයේ ඇමෙරිකන් පුරවැසියන් වහා පිටවෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 232 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 114 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site