IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේනයේ අවි ගබඩාවකට රුසියානු මිසයිල ප්‍රහාර

රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩෙසා නගරයේ ගුවන් තොටුපොළක සැපයුම් පර්යන්තයක් විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයෙන් සහ ඇමරිකාවෙන් ලබා දුන් යුද උපකරණ සහ ආයුධ විශාල ප්‍රමාණයක් මෙම සැපයුම් පර්යන්තයේ ගබඩා කර තිබූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පැවසීය.
මෙම ප්‍රහාරය හේතුවෙන් ආයුධ ගබඩාව සම්පුර්ණයෙන්ම විනාශ වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.නේටෝ සංවිධානය සහ ඇමෙරිකාව ලබා දෙන යුද ආධාර, යුද ඉලක්ක ලෙස සලකන බවට රුසියාව වරින්වර ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔඩෙසා නගර බලධාරීන් පැවසුවේ රුසියානු හමුදා එල්ල කළ මිසයිල දෙකක් යුක්රේන ගුවන් ආරක්ෂණ කණ්ඩායම් විනාශ කර දැමීමට සමත් වූවත් තවත් මිසයිල හතරක් සැපයුම් පර්යන්තයට සහ තට්ටු නිවාස ගොඩනැගිලි වලට සාර්ථකව එල්ල වූ බවයි.

තට්ටු නිවාස ගොඩනැගිලි වලට එල්ල වූ මිසයිල රුසියානු හමුදා එල්ල කළ ඒවාද එසේත් නැතිනම් රුසියානු මිසයිල විනාශ කිරීමට යුක්රේන හමුදා එල්ල කළ ඒවාද යන්න පැහැදිලි තොරතුරුක් තවමත් ලැබී නැතැයි විශ්ලේෂකයෝ පවසති.
මෙම ප්‍රහාරය හේතුවෙන් වයස මාස තුනක බිළිඳකු ඇතුළුව පුද්ගලයින් 8 ක් මියගොස් 18-20 ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

”හිතන්න පුළුවන්ද රුසියානු හමුදා අපේ රට අක්‍රමණය කරන්න පටන් ගනිද්දි මේ මියගිය බිළිඳාට මාසයයි” ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.”මරියුපෝල් හි සිරවී සිටින යුක්රේන සොල්දාදුවන්ට අනතුරක් සිදු වුවහොත් හෝ ලුහන්ස්ක් සහ ඩොනෙට්ස්ක් සමූහ ආණ්ඩු රුසියාවට එක්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් අපි සාම සාකච්ඡා වලින් ඉවත් වෙනවා”යැයි එහිදී ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍යවේදීන් දැනුවත් කළේය.

(විමුක්ති රුද්‍රිගු)



අදහස් (0)

යුක්රේනයේ අවි ගබඩාවකට රුසියානු මිසයිල ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site