IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යුක්රේනයෙන් රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර මාලාවක්

රුසියානු හමුදාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ කරමින්, නැගෙනහිර යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති පළාත් කීපයක් සහ ගම්මාන දෙකක් යළි අත්පත් කර ගැනීමට හැකිවුණු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.

යුක්රේන හමුදාව මෙසේ එරට ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවලින් ලැබුණු අවි ආයුධ සහ යුද්ධෝපකරණ යොදා ගනිමිනි. ඇතැම් බටහිර රටවලින් යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා පවා ලැබී තිබේ.

රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය පළ කරන බව පෙන්වීමට, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පසුගියදා යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවිය. රුසියන් ඉලක්කවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ යැයි යුක්රේන ජනාධිපති එම අවස්ථාවේදී ටෲඩෝ හමුවේ පැවැසීය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් කීව් අගනුවරට ආ කැනඩා අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

කැනඩාව ද නේටෝ සාමාජිකයෙකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු යුරෝපා රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.



අදහස් (0)

යුක්රේනයෙන් රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site