
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ, ඉලක්ක රැසක් සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් බවත්, යුක්රේන රුසියන් යුද්ධය අවසන් වී, සාමය පවතිනු ඇත්තේඑම ඉලක්ක සම්පූර්ණ වීමෙන් පසුව බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙසේ පැවැසුවේ, වසර අවසානයේ පැවැත්වෙන මාධ්‍ය හමුයට එක් වෙමිනි. සෑම වසර වසරක් අවසානයේම, පුටින්ගේ අනුග්‍රහයෙන් මාධ්‍ය හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්වෙයි. ඒ, මාධ්‍යවේදීන් සඳහා භෝජන සංග්‍රහයක් ද සමඟිනි.
පුටින්ගේ නියෝගය පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමට, හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. ඒ, යුක්රේනය, උතුරු අත්ලානිතික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව සහ බටහිර යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට පිහිටුවාගත් යුද සන්ධානයකි. අසල්වැසි යුක්රේනය නේටෝ සාමාජිකයකු වුවහොත්, එය තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පුටින්ගේ අදහසය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ එබැවිනි.
යුක්රේනට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගය ආරම්භ කළ 2022 වසරේ දී, පුටින් වසර අවසාන මාධ්‍ය හමුව පැවැත්වූයේ නැත. පුටින් වසර 24 ක් තිස්සේ රුසියාවේ බලයේ සිටී. ඒ, ජනාධිපති ධුරය පමණක් නොව, අග්‍රාමාත්‍ය ධුරය ද හොබවමිනි. රුසියන් ජනාධිපතිවරණය ලබන 2024 දී පැවැත්වෙයි. 2030 තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් 71 හැවිරිදි පුටින් ඊට ඉදිරිපත් වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට එරෙහි සටන දැන්ම නවත්වන්නේ නෑ