IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මා ඇමෙරිකන් හෝ ඉන්දීය විරෝධියෙක් නොවෙයි

තමන් ඉන්දීය හෝ ඇමෙරිකන් විරෝධියකු නොවන බවත්, ලොව සෑම රටක් සමඟම සහයෝගයෙන් සහ ගෞරවයෙන් කටයුතු කරන රාජ්‍ය නායකයකු බවත් දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

ඉම්රාන් ඛාන් මෙසේ පැවැසුවේ, රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වුණු අවස්ථාවේදීය. ඉම්රාන් ඛාන් ට ඓරහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය පියවර ගත්තේය.

එම විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනයක් හටගෙන ඇත. ඒ, නියෝජ්‍ය කතා නායකවරයා එම විශ්වාසභංගය අහෝසි කිරීමට කටයුතු කිරීම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා දෙමිනි.

විපක්ෂය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාභංගයක් ගෙන ඒමට කටයුතු කළේ පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට චෝදනා නගමිනි.

ඉම්රාන් පෙරළා විපක්ෂයට චෝදනා නගා ඇත්තේ තමන් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂය ඇමෙරිකාව සමඟත් ඉන්දියාව සමඟත් කුමන්ත්‍රණය කර ඇති බවය. ඇමෙරිකාවෙන් විපක්ෂ දේශපාලනඥයන්ට ඒ සඳහා මුදල් ලැබී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

මා ඇමෙරිකන් හෝ ඉන්දීය විරෝධියෙක් නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site