
මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි.
මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානය අඩි 3000 ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී පොළොවේ සිට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් යානය පසාරු කරමින් ගුවන් යානයේ ගමන් ගත් 27 හැවිරිදි මගියාට වැදී ඇත. එම අවස්ථාවේ යානයේ සිටි සියලු මගීන් ගණන 53 කි. වෙඩි උණ්ඩය වැදී ඇත්තේ මගියාගේ ගෙල ප්‍රදේශයට වන අතර ඔහුට බරපතල අනතුරක් සිදු නොවිණි.
මියන්මාර හමුදා ප්‍රධානීන් චෝදනා නගමින් පවසා ඇත්තේ ගුවන් යානයට වෙඩි තැබුවේ කැරලිකාරකාර කණ්ඩායම් බවය. මෙම සිද්ධිය හේතුවෙන් ලොයිකෝ වෙත ගුවන් ටිකට්පත් වෙන්කිරීම තාවකාලිකව නවතා දමා ඇති අතර මියන්මාර හමුදා ගුවන් තොටුපොළ ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇතැයි මියන්මාර මාධ්‍ය පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 17
58
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
894
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මියන්මාර ගුවන් මගියකුට උඩු ගුවනේදී වෙඩි වැදිලා
අබිලින් Monday, 03 October 2022 05:08 PM
මියන්මාරයේ අඩි තුන්දාහක් ඉහළ අහසේ ගුවන් යානයක මගියෙකුට නොමැරෙන්න වෙඩිතැබුවා. ලංකාවේ පොලිසිය මංකොල්ලකරුට තියාගත නොහැකිව පාරේ යන බසයක ගිය තරුණියකට හිස පසාරු වෙන්න වෙඩි තැබුවා.
අබිලින් Tuesday, 04 October 2022 08:58 AM
ඩිස්ලයික් වලින් පේන්නෙ පොලිසිය කල වැඩේ හරි කියලා නේද
Bamunuarachchi Wednesday, 05 October 2022 06:38 AM
එහෙනම් බස් එකේ ගමන් කල මගියෙකුට අහක යන වෙඩිල්ලක් වැදීම පුදුමයක් නොවෙයි.