තම සංවිධානයේ මිළග ඉලක්කය වන්නේ ඇමරිකා ධවල මන්දිරය බව සඳහන් වන වීඩියෝවක් අයිඑස් අන්තවාදීහු නිකුත් කළහ.
මෙය ඔවුන් ඇමරිකාවට ප‍්‍රහාර එල්ල කරන බවට අනතුරු අගවමින් නිකුත් කර තිබෙන තෙවැනි වීඩියෝවයි.
ධවල මන්දිරය ගිනි ගෙන දැවෙන දුමින් එය කළු පැහැ කරන බවට ඔවුහු වහසි බස් කියති.
වොෂින්ටන් හා නිව්යෝර්ක් නගර වලටද ප‍්‍රහාර එල්ල කරන බවද,පැරිස් ප‍්‍රහාර මෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ සඳහා යොදාගන්නා බවද අයිඑස් අන්තවාදීන් පවසනු එම වීඩියෝවේ පටිගතවී ඇත.
අරාබි බසින් වන මෙම වීඩියෝව විමර්ෂණයට ලක්කර ඇති ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධව පරීක්ෂණ පවත්වන මැදපෙරදිග පර්යේෂණ ආයතනයේ මතය වන්නේ වීඩියෝව පටිගත කර තිබෙන්නේ ඉරාකයේ බවයි.
ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩයට උතුරින් පිහිටා තිබෙන අයිඑස් පාලන ප‍්‍රදේශයක් වන ඩිජා ප‍්‍රාන්තයේ සිට මෙම වීඩියෝව පටිගත කර ඇති බවට සාක්කි අනාවරණය කරගැනීමට හැකිව තිබීම මෙයට හේතුවයි.
රෝමයට පෙර පැරිසිය යැයි එම වීඩියෝව එක් තැනක සඳහන් වන අතර එයින් අදහස් වන්නේ අයිඑස් ත‍්‍රස්තයින් ඉතාලියටත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටීමක්දැයි ආරක්ෂක විශේෂඥයෝ සැක පළකරති.
වීඩියෝව සම්බන්ධයෙන් අදහස් පළකර ඇති නිව්යෝර්ක් හා වොෂින්ග්ටන් නුවර වල බලධරයින් ත‍්‍රස්ත ප‍්‍රචාරණ කටයුතු වලින් තමන්ව බියට පත්කළ නොහැකි බවත් නගර වැසියන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීළඟ ඉලක්කය ධවල මන්දිරයලු
දිමේෂ් Friday, 20 November 2015 12:26 PM
ඕක කරන්න නම් මේ අයට පහසුවෙන එකක් නැහැ (නි)
චතුරි Friday, 20 November 2015 02:44 PM
මුන්ට. ඕන. විදියට. මිනිස්සු මරන්න. කුරානයේ. කොතනද ලියල තියෙන්නේ උබලගේ දෙවියන්ගේ. පින්තුරයක්. එවපන්කෝ. අාසයි. දකින්න. ප්‍රංසයට ගහපු එකෙක්. පොලිසියෙන් අල්ලන් යනවා කලිසම. නැහැ හෙළුවෙන් අද මුල් පිටුවේ. පත්තරයේ. ඇමරිකාවට. ගහන්න කලින්. ඌට කලිසම අන්දපන්. පුලුවන්නම්. හිරේ ඉදගෙන හොදට උෟරුමස් කයි. (බ)
සුදර්මන් Friday, 20 November 2015 09:16 AM
බම්බුව තමයි ..මේවට තමයි කියන්නේ .."හොරාගේ අම්මගෙන් පේන අහනවා" කියල. (ස)
ඩිමේෂ් Friday, 20 November 2015 09:31 AM
අනේ වාසනාවන්... අවි ගත්තෝ අවියෙන්ම නහී. (ස)
සොපි Friday, 20 November 2015 11:59 AM
ඔව් ..ඔව් ..".අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" (ම)