IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහලු විය අඳුනන ඇඳුමක් එයි

වයස්ගතවූ විට සිරුර කෙසේ කි‍්‍රයාකරන්නේදැයි දැනවීමේ සමත් විශේෂ ඇඳුමක් නිර්මාණය කිරීමට බි‍්‍රතාන්‍යයේ යෝක්ෂයර් ප‍්‍රාන්තයේ වෛද්‍ය පර්යේෂණායතනයක් කටයුතු කර තිබේ.

මෙම ඇඳුම රෝහල් වල හෙද හෙදියන් හා සාත්තු සේවකයින් ඉලක්ක කරගෙන නිපදවූවකි.ඇඳුම ඇඳීමෙන් වයසට යාමත් සමග පුද්ගලයෙකු මුහුණ දෙන අපහසුතා මොනවාදැයි හොදින්ම වටහා ගැනීමට හැකි බව නිර්මාපකයින් කියයි.

වයස්ගත වන විට ඇතිවන සිරුර නැමිීමට හා දිගහැරීමට අපහසු වීම,පෙනීම හා ඇසීම දුර්වල වීම,අත පය සෙලවීමට අපහසු වීම ආදී දුර්වලතා මෙම ඇදුම ඇගලාගත් පසු අත්දැකිය හැකි බව සදහන්ය.සිරුරේ චලනයන් සීමා කිරීමට බර යොදා මෙම ඇදුම සකස් කර තිබෙන අතර පෙනීම හා ඇසීම සීමා කරවීමේ උපකරණයන් වෙනම පැළදිය හැකි සේ සකස් කර ඇත.

මෙම ඇදුම යෝක්ෂයර් ප‍්‍රදේශයේ රෝහල් රැසක රෝහල් කාර්යමණ්ඩලයට භාවිතය සදහා ලබා දී තිබේ.

ඇදුම ඇගලාගෙන ‘‘වයස්ගත වීමේ‘‘ රග අත්දැක ඇති හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන් මින් මත්තට තමන් වයස්ගත පුද්ගලයින් ගැන වඩාත් අනුකම්පා උපදවා කටයුතු කරන්නේයැයි අදහස් දක්වා ඇත.

වයස්ගත පුද්ගලයින් හා කටයුතු කරද්දී ඔවුන් තම ඉවසීමේ සීමාව ඉක්මවා යන පරිදි හැසිරෙන බව ප‍්‍රකාශ කර ඇති ඔවුන් ඇග පත රිදෙනවායැයි කියමින් වයස්ගතවූවන් කොතෙකුත් මැසිවිලි නගන බවත් කොතෙකුත් සාත්තු සප්පායම් කළත් ඔවුන්ගේ මැසිවිලි වල අඩුවක් නොමැති නිසා තමන්ගේ ඉවසීමද සිදී යන අවස්ථා ඇති බවත් කියා ඇත.

නමුත් මේ ඇදුම ඇගලාගත් පසු වයස්ගත පුද්ගලයින් කෙතරම් වේදනාවක් විදින්නේදැයි වටහා ගත හැකිවූ බව ඔවුන් පවසා තිබේ.පෙර තිබූ ආකල්ප වෙනස් කරගෙන ඉදිරියේදී එවන් රෝගීන් හා තවත් ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමට ඔවුන් අදහස් කරයි.

ඉදිරියේදී තවත් රෝහල් වලටත් මෙම නිමැවුම හදුන්වාදීමට නිර්මාපකයින් අපේක්ෂා කරයි.ලැබී ඇති යහපත් ප‍්‍රතිචාර දෙස බැලීමේදී සාමාන්‍ය ජනතාවටත් ඇදුම ලබා ගත හැකි ක‍්‍රමවේදයක් ඇති කිරීමටත් සැළැස්මක් ඇතැයි ඔවුන් කියයි.

 

 



අදහස් (0)

මහලු විය අඳුනන ඇඳුමක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site