ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබූ යානය පැහැරගැනීමට සම්බන්ධ ඊජිප්තු ජාතික සයිෆ් එල්ඩින් මුස්තෆා නමැති ඊජිප්තු ජාතිකයා අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.
ඔහුගේ පෙර බිරිය සමග පැවැති ආරවුලක් මත ඊජිප්ට් එයාර් ගුවන් යානය මගීන් සමග පැහැරගන්නට ඇතැයි ඊජිප්තු බලධරයෝ කියති.
නම් දෙකක් භාවිත කළ මෙම පුද්ගලයාට ඊජිප්තු හා ඇමෙරිකා ද්විත්ව පුරවැසි භාවය ඇතැයි කියති. මොහු ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු බවද කියති.
ගුවන්යානය ලානකා ගුවන්තොටුපළට ගොඩබැස්සවීමෙන් පසුව ගුවන්තොටට ලියුමක් යැවූ ඔහු එය තමාගේ හිටපු බිරියට බාරදෙන ලෙස කියා ඇත. සයිප්‍රසයේ සිටින තම හිටපු බිරිය හමුවීම ඔහුගේ අරමුණ වී යැයි ද සයිප්‍රස් මාධ්‍ය කියයි.
මේ සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ නැතැයි සයිප්‍රස් ජනපති නිකෝ සැනස්ටැසියාඩස් කියා සිටියේය. එවිට මාධ්‍යවේදියෙක් ඇසුවේ කාන්තාවක් හවුල්ද යන්නයි. එවිට ජනපති පැවසූයේ හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධ බවයි.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහැදුරු හිටපු බිරියට ලියුමක් දෙන්න යානය පැහැරගනී
පුබුදු ප්‍රසන්න Wednesday, 30 March 2016 04:15 AM
ඔව් අද ලෝකයේ හැම කරදරයකම මුල කාන්තාවක්මයි. ඕක ගෙදර ඉඳන් මුළු ලෝකයේම (බ)
නිම්මි Wednesday, 30 March 2016 03:04 PM
බරපතල වරදක් තමයි. නමුත් මට නම් ඔහු වීරයෙක්. එක්කෙනෙක් නැත්තම් තව කෙනෙක් හොයා ගන්න පිරිමි ඉන්න ලෝකෙක මෙයා කොතරම් දුර්ලබ කෙනෙක්ද?(අ)
වසන්ත Wednesday, 30 March 2016 08:51 AM
ආදරය කරන දේවල් තමයි මේ.(හේ)
නුවන් Wednesday, 30 March 2016 06:45 AM
කාන්තාවගේ නොවේ වැරැද්ද. කාන්තාව තේරුම්ගන්න බැරි හසුරවාගන්න බැරි අයගේයි (නි)
මොහොමඩ් Tuesday, 29 March 2016 12:40 PM
හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධයි (බ)