ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර ඇතැයි 'ඇෆ්ගන් ටයිස්' පුවත්පත උපුටා දක්වමින්, ඉන්දියාවේ 'ඩී.එන්.ඒ.' පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
21 හැවිරිදි, නසානී නමැති මෙම තරුණිය බුර්කාවක් හෝ හිජාබයක් පැලඳ නොසිටි හෙයින්, තලේබාන් ත්‍රස්තයන් ඇය ගමන් කළ මෝටර් රථය බලහත්කාරයෙන් නවත්වා, ඇය මෝටර් එරථයෙන් පිටතට ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව 'ඇෆ්ගන් ටයිස්' පුවත්පත වාර්තා කර තිබේ.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන් සංවිධානය යළි ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරමින්, ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර අල්ලා ගෙන තිබේ.
තලේබාන් සංවිධානය දැඩි ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් වන අතර, බාලිකා අධ්‍යාපනයට සහ කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට ඔවුන් ඉඩ ලබා දෙන්නේ නැත.
නසානී නමැති මෙම තරුණිය ඝාතනයට ලක්වූයේ බලක් දිස්ත්‍රිකයේ ය. බල්ක් දිස්ත්‍රික්කය ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටා ඇති අතර, මෙම පළාත මේ වනවිට මුළුමනින්ම පවතින්නේ තලේබාන් ග්‍රහණයේය.
තලේබාන් සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ආදී වශයෙන් කොටස් දෙකකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ තලේබාන් දේශපාලන දේශපාලන අංශය සහ ඇෆ්ගන් රජය අතරේ සාම සැලැස්මක් ක්‍රියාත්මක කරමිනි. කෙසේ නමුත් තලේබාන් ත්‍රස්ත කල්ලි ඒම සාම සැලැස්ම ගැන කිසිදු තැකීමක් නොකරන අතර, ඔවුන් තලේබාන් ජ්‍යෙෂ්ටයන්ට කීකරු ද නැත.
තරුණිය ඝාතනය කිරීමේ සිදුවීම ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවත්, එය ඉතා ම්ලේච්ඡ, කුරිරු ක්‍රියාවක් යැයි තලේබාන් දේශපාලන අංශය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද් පවසා ඇත.
මේ අතර තලේබාන් සටන්කාමීන් බාලවයස්කාර දැරියන් පමණක් නොව, විවාහ නොවුණු යුවතියන් සහ වැන්දඹු කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කර ගන්නා බවට ද තොරතුරු ලැබී තිබේ.
(ඇෆ්ගන් ටයිම්ස්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මුහුණ වසා නොගත්තැයි තරුණියක මරලා
Rohana Wednesday, 11 August 2021 08:07 PM
කොහේද යන උන්මන්තකයින් කණ්ඩායමක්... මොවුන් සහමුලින්ම අතුගා දැමිය යුතුයි.