මිසයිල යොදා අඟහරු පොළොව ගැඹුරට ම විද ජීවය සිටීදැයි සොයා බැලීමේ ව්‍යාපෘතියක් සැළසුම් කැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ක්‍රියාව අන් සියළු අඟහරු ව්‍යාපෘතීන්වලට වඩා ලාභදායී බවයි.
අඟහරු අභ්‍යන්තරයට ගමන් කළ හැකි මිසයිලයක සවිකරන ලද සන්නිවේදන උපකරණ අඟගහරු පෘෂ්ඨය පසාරුකරගෙන අභ්‍යන්තරයට යැවීම මේ ව්‍යාපෘතියේ සැළසුමයි.
එක්සොලාන්ස් නමින් හඳුන්වා ඇති ව්‍යාපෘතිය සඳහා දැනටමත් ඇමෙරිකානු ඩොලර් 250,000 හෙවත් රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයක් වෙන්කැර ඇත. එහි සැළසුම වී ඇත්තේ අඟහරු වෙත යන යානයකින් පුපුරන ද්‍රව්‍ය නොමැති මිසයිල අඟහරු අභ්‍යන්තරයට යැවීමයි. මිසයිලයේ සවිකරන සන්නිවේදන උපකරණ මගින් ජීවය පිළිබඳ තොරතුරු පෘථිවියට ලැබෙනු ඇත.
මිසයිල මෙහෙයුම හමුදා ක්‍රියාකාරකම් සඳහාම නිපදවූ ගෙනයාමේ පද්ධතියකින් සමන්විතය. අඟහරුමත අනාගතයේ මිනිස් ජනාවාස බිහිකිරීමට සුදුසු බව තහවුරු කැර ගැනීම පර්යේෂකයන්ගේ අරමුණ වී ඇත.
මෙක්සිකෝවේ මොජටිව් කාන්තාරයේ පොළොව අඟහරු පෘෂ්ඨය හා බොහෝ සෙයින් සමාන බැවින් ඉදිරි මාස 14 දී මොජටිව් කාන්තාරයේ දී අත්හදා බැලීමේ මෙහෙයුමක් කිරීමට ද නියමිතය. එහිදී මිසයිල ගෙනයන කොටස හා භූගතවන කොටස අත්හදා බැලීමට සැළසුම් කැර ඇත.
පර්යේෂකයන් පවසන්නේ අත්හදා බැලීම් සාර්ථක වූ පසු නාසා අඟහරු මෙහෙයුම් වලට එක්සොලාන්ස් මිසයිල මෙහෙයුම ද එක්වනු ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිසයිලයකින් අඟහරු විදීමේ උත්සාහයක්
දයා අලහාකෝන් Sunday, 24 August 2014 05:14 AM
අදහස් කරන විදියට පොලොව යට ජීවීන් ඇති. (නදී)
පිටබැද්දර ජයා Sunday, 24 August 2014 10:40 AM
අනේ මන්දා පෘතුවිය කෑවා මදිවට දැන් අඟහරුටත් දෙන්නයි හදන්නේ වැඩේ නේද ? හෙන ගහපන් ගණන් බලාපන් කියල අපේ මාම කෙනෙක් කිවේ මෙන්න මේ වගේ දේවල් වලට වෙන්නැති ! (අ)
රුවන් Monday, 25 August 2014 05:53 AM
පොළව යට ජීවීන් හිටියත් නැතත් ජීවය තිබුන බවටවත් සාක්කියක් හොයාගන්න නම් කිලෝමීටරයක්වත් දුරට විදින්න වෙයි. අවුරුදු මිලියක ගාණකට පෙර නම් ගිනිකඳු, භූකම්පන, දෙදරීම්, දූවිලි, උල්කා පිපිරීම් වලින් වැහිලා ගොඩක්ම යට ඇත්තෙ. (නි)
තිලක් Sunday, 24 August 2014 02:59 PM
ජීවය විශ්වය පුරා විහිදී තියෙන බහුල දෙයක් කියලයි මගේ අදහස. ඒ ඒ ග්‍රහ වස්තුවේ ඇති පරසර තත්ත්ව අනුව ජීවීන් විවිධ වර්ධන අවධි වල පවතිනවා. එය රසායනික සංයෝග බිද හෙලා ජීවත් වන ශුද්‍ර ජීවීන්ගේ පටන් අපේ දැනුමේ සීමාකාරී බව නිසා අපට හිතා ගත නොහැකි දියුණු ජීවීන් දක්වා වෙනස් විය හැකියි. අපේ පොළොවේ ජීවය ආරම්භ වූ හැටි බුදු දහමේ අග්ගඥ්ඥ සුත්‍රයේ නිවැරදිව පැහැදිලි කරලා තියෙනවා. (අ)
දික්ඕවිට Sunday, 24 August 2014 03:37 PM
අගහරුගේ ජීවයක් නෑ කියල තාමත් ඔය පර්යේෂකයන්ට පැහැදිලි නෑ වගේ. ඇත මට නම් හිතෙනවා අගහරුගේ ජීවයක් නේ කියල. පෙන්නේ නැතිද ගහක් කොලක් නැහැනේ. (අ)
කිංස්ලි පෙරේරා Sunday, 24 August 2014 07:16 PM
අනේ මන්දා මේ ඇමරිකන් අයටත් පිස්සුද කියලා. කොහොමද ඕක විදපු ගමන් ඕක ඇතුළෙන් දෙබරු වගේ අය ඇවිල්ලා මිනිසුන්ට විදින්න ගත්තොත්? නැත්නම් විස දුමක් ඇවිල්ලා හුස්ම ගන්න බැරි වුණොත්? අර එබෝලා හැදුනට වඩා දරුණුවෙයි (නි)
ශීලා Sunday, 24 August 2014 07:31 PM
මට හිතෙන්නේ අඟහරුගේ ජීවයක් නැහැ කියන කතාව අපි අහලා තිබුනාට මේ අය උත්සාහය අතහරින්නේ නැහැනේ. ඒ කියන්නේ මෙතන මොකක් හෝ මේඅයගේ බලාපොරොත්තුවක් තියනවා. (නි)