IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


මාවෝවාදීන්ගේ උප නායකට නේපාලයේ අගමැති ධුරය

කලක සිට පවතින දේශපාලන අර්බුදය අවසන් කරමින් මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ උප නායක බලරාම් බටරායි  පෙරේදා (28) නේපාලයේ අගමැති ධුරයට පත්වූයේය.බලරාම් බටරායි අගමැති ධුරයට පත් වූයේ පාර්ලිමේන්තු ඡුන්දයකිනි.වසර 10 ක් තිස්සේ එරට රාජාණ්ඩුවට එරෙහිව ගෙන ගිය සටන 2006 වසරේ දී අවසන් කළ නේපාල මාවෝවාදීහු ප‍්‍රජාන්ත‍්‍රවාදී දේශපාලන මාවතකට පිවිසියහ. 2008 වසරේ දී පවත්වන ලද මැතිවරණයෙන් ඔවුන් ජයග‍්‍රහණය කළ නමුත් රජයක් පිහිටුවීමට තරම් පැහැදිලි බහුතර බලයක් හිමි නොවිණි.මාවෝවාදී කැරැුලි නායක ප‍්‍රචණ්ඩා හෙවත් පුෂ්ප කමල් දාල්ගේ ප‍්‍රධානත්වයෙන් රජයක් පිහිටූ වූ නමුත් නේපාල ජනාධිපතිවරයා සමඟ ඇති කර ගත් මත ගැටුම් හේතුවෙන් එම රජය 2009 දී බිඳ වැටුණි.ඉන්පසු වරින් වර අගමැතිවරයකු පත් කර ගැනීමට පාර්ලිමේන්තුව රැුස්වූ නමුත් දේශපාලන බල අරගල හේතුකොට ගෙන අගමැතිවරයකු පත් කර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඉකුත් පෙබරවාරි මාසයේ දී ජල්නාත් කානෙල් අගමැති ධුරයට පත්විය. මත ගැටුම් හේතුවෙන් ඔහුගේ රජය ද පසුගිය 14 වැනිදා බිඳ වැටුණු අතර කානෙල් අගමැති ධුරයෙන් ඉවත් වූයේය.ඉන්පසු නව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් නේපාලයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ තුනේම නායකයන් කිහිප වරක් සාකච්ඡුා පැවැත්වූ අතර මුලදී එම සාකච්ඡුා අසාර්ථක විය.නේපාල පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය ද වන මාවෝවාදී පක්ෂය ප‍්‍රකාශ කළේ තම නියෝජ්‍ය නායක බලරාම් අගමැති ධුරයට පත් කළ යුතු බවය. නේපාලයේ දෙවැනි විශාලතම පක්ෂය වන්නේ නේපාල කොංග‍්‍රස් පක්ෂයයි. එහි නායක ලක්ෂ්මන් ගිමීර් කියා සිටියේ නේපාලයේ නව රජයට ඔවුන් නායකත්වය දිය යුතු බවය. කෙසේ නමුත් පෙරේදා (28) පැවැති පාර්ලිමේන්තු ඡුන්දයෙන් ජයග‍්‍රහණය කළේ බලරාම් බටරායිය.



අදහස් (0)

මාවෝවාදීන්ගේ උප නායකට නේපාලයේ අගමැති ධුරය

හසරැල් Monday, 12 August 2013 10:15 AM

මේගොල්ලෝ තමයි නේපාලේ නාස්ති කලේ. (එහෙ මම අවුරුදු 5ක් ඉඳල තියෙනවා මේගොල්ලෝ කරපු වැඩ දකින්න.)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14638 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 436 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 259 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site