බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රාජ්‍යයේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, කැරැලිකාර හමුදා සෙබළුන් එරට ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේදී ජනපතිවරයා බේරී පලා ගියේය.
කැරැලිකාර හමුදා මාලී ජනාධිපති අමාදු ටුමානී ටූරේට අභියෝග කරමින් බාමාකෝ නුවර පිහිටි ජනපති මන්දිරය වැටලූවේ පෙරේදා (21) රාති‍්‍රයේය.
එම අවස්ථාවේදී ජනපති මන්දිරයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්, කැරැලිකාර හමුදා භටයන්ට වෙඩි තබා ඇති අතර දෙපිරිස අතර පැය කීපයක් තිස්සේ වෙඩි හුවමාරු පැවැතිණි.
එම වෙඩි හුවමාරුව මැද ජනපති ටූරේ, ජනපති මන්දිරයෙන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීහු සමත් වූහ.
ජනපතිවරයා ආරක්ෂිතව පිටව ගිය වහා මන්දිරයේ ආරක්ෂාවට සිටි සෙබළුන් ද පසු බසින්න වූ අතර, කැරැලිකාර හමුදා භට පිරිස් මන්දිරයේ බලය අල්ලා ගත්හ.
කැරැලිකාර සෙබළු ඊයේ (22) උදෑසන එරට විදේශ ඇමැති සොමෙයිලෝ බොබේයේ මායිගා සහ අභ්‍යන්තර කටයුතු ඇමැති කෆෝහූනා කෝනේ අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී හමුදාව කියා සිටියේ රටේ පාලන බලය තමන් යටතේ පවතින බවය. මේ වනවිට රට පුරා ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ.
රටේ සාමය ස්ථාපිත කිරීමට වගබලා ගන්නැයි ප‍්‍රංශ රජය මාලි හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත. මාලී රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණයක්