බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරණය පෙරේදා (28) පැවැත්විණි.
මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවරණය පැවැත්වීමට සඳහා ප‍්‍රංශයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අපි‍්‍රකා සංගමයේත් සහාය මාලි අන්තර්වාර රජයට හිමිවිය.
ජනපතිවරණයට අපේක්ෂකයෝ 27 දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන අටට ආරම්භ විය.
1960 දශකයෙන් පසු මාලි රටේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණය මෙය යැයි ඇතැම් විදෙස් දේශපාලන විචාරකයෝ ප‍්‍රකාශ කළහ.
මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නියෝජිතයන් 2,000 ක් මාලි රාජ්‍යයට යැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබුණි.
යුරෝපා සංගමයට අයත් ඡන්ද නිරීක්ෂකයන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ප‍්‍රධාන නගර ආශි‍්‍රතව මැතිවරණ කටයුතු ආරක්ෂක විධිවිධාන මැද සාර්ථකව සිදුවුණු නමුත් පිටිසරබඳ ප‍්‍රදේශවලින් කඩාකප්පල් කි‍්‍රයා වාර්තා වූ බවය.
ඡන්දය ගණන් කිරීම ඊයේ (29) ආරම්භ විය. නිල නොවන ඡන්ද ප‍්‍රතිඵල අනුව හිටපු අගමැතිවරයකු වන 69 හැවිරිදි ඊබ‍්‍රහීම් බොඩාකාර් කෙයිටා සෙසු අපේක්ෂකයන් අතරින් ඉදිරියට පැමිණ සිටි බව වාර්තා විය.
2011 වසරේදී, මාලි රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය. කුමන්ත‍්‍රණය සිදුවෙද්දී මාලි රජයේ හමුදාව එරට කාන්තාර ප‍්‍රාද්ශවල කි‍්‍රයාත්මක අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරමින් සිටියේය.
කුමන්ත‍්‍රණයෙන් රජය පෙරැළීමත් සමඟ හමුදාව සටන් අත්හැර ආපසු ආවේය. ඒ අවස්ථාවේදී සටන්කාමීහු ටිම්බක්ටු ඇතුළු මාලි රටේ නගර රැුසක් අල්ලා ගෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම ආරම්භ කළහ.
ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි අන්තර්වාර රජය සහ හමුදාව ආරම්භ කළ මෙහෙයුම්වලට ප‍්‍රංශයේ සහාය හිමිවූයේ ඉකුත් ජනවාරි 11 වැනිදාය.
මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශ යටත් විජිතයක්ව පැවැතිණි. ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් මාලි රාජ්‍යයට හමුදා බළඇණි එවමින් කියා සිටියේ යටත් විජිතයක් ව පැවැති රාජ්‍යයක් හෙයින් මාලි රාජ්‍යයට සහාය දීම ප‍්‍රංශයේ වගකීමක් යැයි සලකන බවය.
ප‍්‍රංශ හමුදා මාලි රාජ්‍යයට පැමිණියේ අපි‍්‍රකා සංගමයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.
ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි ප‍්‍රංශ හමුදා ආරම්භ කළ සටන් මේ වනවිටත් අවසන් වී නැත. කෙසේ නමුත් මාලි රාජ්‍යයේ උතුරුදිග නගර මුදා ගෙන ඒවායේ පාලනය යළි මාලි හමුදාවට පවරා දීමට ප‍්‍රංශ හමුදාවට හැකි වී ඇත. තවමත් ප‍්‍රංශ හමුදා සෙබළු 1000 කට වැඩි පිරිසක් මාලි රටේ රැඳී සිටිති.
බටහිර විරෝධී දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ ප‍්‍රංශය මාලි රාජ්‍යය ආක‍්‍රමණය කර ඇති බවටය. ප‍්‍රංශ රජය පවසා ඇත්තේ පිහිටුවීමට නියමිත නව රජයට සහාය පළ කරමින් තව ටික කාලයක් රටේ රැඳී සිටීමට කටයුතු කරන බවය. මාලි රාජ්‍යය තෙල් සහ ස්වභාවික සම්පත්වලින් ද පොහොසත්ය.
|
ඡන්ද පෝලිමක් |
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලි රටේ ජනපතිවරණයක්