IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාලී රටේ උතුරු ප‍්‍රදේශ කැරැලිකරුවන් අතට

බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රටේ උතුරු ප‍්‍රදේශ අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැුලිකරුවෝ ඊයේ (1) සමත් වූහ. හමුදා කුමන්ත‍්‍රණයකින් පසු රටේ බලය අල්ලාගෙන සිටින්නේ හමුදාවය. කැරැලිකරුවන් උතුරු ප‍්‍රදේශවල බලය අත්පත් කර ගැනීම ආරම්භ කළේ එම හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දීය. මේ වනවිට හමුදාව උතුරේ පිහිටි ගාවෝ නගරයේ හමුදා කඳවුරුවලින් ඉවත් වී ඇති අතර නගරය කැරැලිකරුවන් අතට පත් ව ඇතැයි වාර්තා වේ. ගාවෝ නගරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ සවස වන විට ටිම්බක්ටූ නමින් හැඳින්වෙන ප‍්‍රදේශය අල්ලා ගත් බව කැරලිකරුවෝ ප‍්‍රකාශ කළහ. කාන්තාර ප‍්‍රදේශයක් වන ටිම්බක්ටූ ප‍්‍රංශයටත් වඩා විශාලය. මාලී කැරැලිකරුවන්ට ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහාය ලැබී ඇති අතර ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීහු දහස් ගණනක් මේ වන විට දේශ සීමා හරහා මාලී රටට පැමිණ සිටිති. ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට පක්ෂව, කැරැලිකරුවන්ට එරෙහිව සටන් මෙහෙයවූවෝ ට්වරේග් ගෝති‍්‍රක සටන්කාමීහුය. මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණය සිදු වූයේත්, කැරැලි ගැසූ හමුදාව ජනපති මන්දිරය සහ එරට ජාතික රූපවාහිනී ආයතනය වැටැලූවේත් ඉකුත් මාර්තු 21 වැනිදාය. හමුදාව ජනපති මන්දිරය වැටැලූ අවස්ථාවේදී මාලී ජනාධිපති අමාදූ ටුමානී බේරී පලා ගොස් සැඟවුණේය. මේ වනවිට ඔහු ආරක්ෂිත ස්ථානයක සිටින බව වාර්තා වේ. ජනපතිවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මේ වන විට මාලී විදේශ ඇමැති සොමෙයිලෝ බොබේයේ මායිගා සහ අභ්‍යන්තර කටයුතු ඇමැති කෆෝහූනා කෝනේ හමුදා අත්අඩංගුවේ සිටිති. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මාලී රාජ්‍යයට ආධාර ලබා දෙන ලෝක බැංකුව ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටින්නේ එම හමුදා කුමන්ත‍්‍රණය තමන් කිසිසේත් අනුමත නොකරන බවය. ඔවුන් මාලී රටට ආර්ථික සම්බාධක පැනැවීමට ද සැරසෙයි.



අදහස් (0)

මාලී රටේ උතුරු ප‍්‍රදේශ කැරැලිකරුවන් අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site