කුමන්ත‍්‍රණයකින් රජය පෙරළා දැමූ හමුදා නිලධාරීන්ට අභිනවයෙන් සිවිල් රජයක් පිහිටුවීමට ඉඩ සලසා දෙමින් මාලී රටේ ජනපති අමා දූටුමානී පෙරේදා (8) ධුරයෙන් ඉල්ලා අස්වූයේය. එම ඉල්ලා අස්වීම සිදුවූයේ උතුරු අපි‍්‍රකා රටවල රාජ්‍ය නායක සමුළුවේ නියෝජිතයන් ඉදිරිපිටදීය. ටුමානීගේ ඉල්ලා අස්වීමත් සමඟ අන්තර්වාර ජනපතිවරයා ලෙස එරට කතා නායක ඩියොන්කුන්ඩා ටැයෝර් පත්වූ අතර සමගි රජයක් පිහිටුවීමට හමුදාවට ඉඩ ලැබී තිබේ. බටහිර අපි‍්‍රකාවට අයත් මාලී රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදු වූයේ ඉකුත් මාර්තු 21 වැනිදාය. හමුදාවෙන් බේරී පලා ගිය ජනපති ටුමානී මේ වනතෙක්ම ඔවුන්ගෙන් සැඟවී සිටියේය. හමුදා කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහ මාලී රාජ්‍යයට ආධාර ලබා දෙන ලෝක බැංකුව විරෝධය පළ කිරීමත් සමඟ යළි සිවිල් රජයකට ඉඩ දීමට මාලි හමුදා නායකයෝ තීරණය කළහ. එසේ නොකළේ නම් මාලී රටට ආර්ථික සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානමින් සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලී ජනපති ඉල්ලා අස්වෙයි