අතුරුදන් මලයාසියනු යානය එම්එච් 370 සෙවීමේ කටයුතු අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය සෙවීමට යොදවා තිබූ අධි තාක්ෂණික උපකරණ සහිත ගෝ ෆිනික්ස් නැවේ කොන්ත්‍රාත්තුව අවසන් වීම ඊට හේතුවී ඇත.
පසුගිය සැප්තැම්බරයේ සිට මේ නැව යානය සෙවීමේ කටයුතුවල යොදවා තිබිණි. එහි කාර්ය මණ්ඩලය ලොව ගැඹුරු සාගර පත්ලේ සෙවීම් කටයුතු සඳහා පළපුරුදු තාක්ෂණික විශේෂඥයන්ගෙන් සමන්විතය.
මෙම මෙහෙයුමේ නායකත්වය දරණ ඔස්ට්‍රෙලියානු ප්‍රවාහන සහ ආරක්ෂක කාර්යාංශය ගෝ ෆිනික්ස් නැව මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කල බව ස්ථිර කලේය.
ගෝ ෆිනික්ස් නැවේ සවිකර ඇති දුරස්ථ පාලක මගින් ක්‍රියාකර විය හැකි සෝනර් යන්ත්‍ර මගින් අඩි 20000 කට වඩා වැඩියෙන් යුත් මුහුදු පත්ලද පරික්ෂා කිරීමේ හැකියාව තිබිණි.
2009 වර්ෂයේ අතුරුදන් වූ එයා ෆ්‍රාන්ස් 447 යානයේ සැකිල්ල අත්ලාන්තික් සාගරයේ තිබී 2011 වර්ෂයේ දී සොයා ගන්නා ලද්දේ ද මේ නැව මගිනි.
2025 නොවැම්බර් මස 04
485
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියා යානය සෙවූ නැවක් ඉවතට