ඉදිරි දින 30 ඇතුළත මහ මැතිවරණයක් පවත්වන බව ප‍්‍රකාශ කළ මැලේසියා අගමැති නජීබ් රසාක් ඊයේ (3) පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අගමැති රසාක් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, තමා ව්‍යවස්ථානුකූලව, රාජාණ්ඩුවේ ද අවසරය ලබා ගත් බවය.
වසර 57 ක් තිස්සේ රට පාලනය කරන රසාක්ගේ ජාතික පෙරමුණ, විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයත් අතර මැතිවරණ සටන පැවැත්වෙනු ඇත. ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයට පක්ෂ තුනක් එක් වී සිටී.
ජාතිය ඇමැතූ අවස්ථාවේදී අගමැතිවරයා මිලියන 13 කට වැඩි ඡුන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේ ඊබ‍්‍රහීම්ගේ විපක්ෂ සංධානයට නොව තම ජාතික පෙරමුණ සංධානයට සහාය ලබා දෙන ලෙසය.
විපක්ෂ නායක ඊබ‍්‍රහීම් ප‍්‍රතිඥා දී ඇත්තේ දුෂණ වංචාවලින් තොර ‘පිරිසිදු’ නව රජයක් පිහිටුවීමට තමන් සූදානමින් සිටින බවය.
|
මැලේසියා අගමැති රසාක් ප‍්‍රමුඛ ජාතික පෙරමුණ ... |
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැලේසියා අගමැති රසාක් පාර්ලිමේන්තුව විසුරුවයි