මැලේසියාවේ ජොහා පළාතේ පාසර් ගුඩෑන්ග්හි කර්මාන්ත පුරයක් ආශ්‍රිතව සිදුවූ වායු දූෂණයක් හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දැමීමට සිදුවී ඇත.
ශ්වසන අපහසුතා හා වමනය යන රෝග ලක්ෂණ වලින් පෙළුණු සිසුන් 75දෙනකු පමණ රෝහල්ගත කිරීමෙන් පසුව මෙම පියවර ගැනීමට සිදුවූ බව බලධාරීහු පවසති.
ප්‍රාථමික හා ද්විතියික පාසල් 100ක් පමණ ද පෞද්ගලික පෙර පාසල් 300 ක් පමණ ද මෙසේ වසා දැමීමට කටයුතු කර ඇති අතර සතියක පමණ කාලයක් යන තුරු නැවත පාසල් විවෘත කිරීමට නොහැකිවනු ඇතැයි සඳහන් වේ.
පසුගිය මාර්තු මාසයේ ද මෙලෙසම දරුවන් පිරිසක් රෝගීවීම හේතුවෙන් ආසන්න නගරයක පාසල් 111ක් වසා දැමුණු අතර කිම්කිම් ගංගාව රසායනික ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වීම නිසා එම තත්ත්වය ඇතිවූ බවට හෙළිවිය.
කෙසේ වුවද එය මෙම සිද්ධිය හා සම්බන්ධයක් නොමැති බව බලධාරීහු පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ වර්තමාන සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
781
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියාවේ පාසල් 400 ක් වැසේ