IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මැලේසියාවේ නව රජු සුල්තාන් අබ්දුල්ලා

මැලේසියාවේ නව රජු ලෙස සුල්තාන් අබ්දුල්ලා පත්කර තිබේ. 

මැලේසියාවේ පැහැන්ග් පළාතේ පාලකයාව සිටි සුල්තාන් අබ්දුල්ලා ආසියානු හොකී සංගමයේ සභාපතිවරයා ලෙසත්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ කවුන්සිල සාමාජිකයකු ලෙසත් කටයුතු කළ අතර ඔහු මැලේසියානු පාපන්දු සංගමයේ හිටපු ප්‍රධානියාද වේ. 

ප්‍රාදේශීය පාලකයන් අතර ඊයේ පැවැති රැස්වීමකින් පසුව ඉදිරි වසර 5 ක කාලය තුළ මැලේසියාවේ රජු වශයෙන් සුල්තාන් අබ්දුල්ලා රියාතුඩීන් තෝරා පත්කර ගන්නා ලදි. මැලේසියාවේ රාජකීය පවුල් 9 ක් අතර පවතින පංගු ක්‍රමය අනුව මෙම පත්කරගැනීම කර තිබේ. 

59 හැවිරිදි  සුල්තාන් අබ්දුල්ලා එරට 16 වැනි ව්‍යවස්ථාදායක අධිරාජයා වන අතර ජනවාරි 31 වැනිදා ඔහු ධූරයේ දිව්රුම් දීමට නියමිතය. 

හිටපු අධිරාජයා වූ කෙලාන්තන් හි පාලකයා සිය ධූර කාලයේ වසර දෙකක් පමණක් රැඳී සිටීමෙන් පසු කිසිවකු අපේක්ෂා නොකළ මොහොතක ජනවාරි 6 වැනිදා  ඉල්ලා අස්වූයේය.  මැලේසියානු  දේශපාලන ඉතිහාසයේ රජ කෙනෙකු ධූර කාලයට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. 

සුල්තාන් අබ්දුල්ලා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නිල වශයෙන්ම බ්‍රහස්පතින්දා (31) රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 

63226

 

 



අදහස් (0)

මැලේසියාවේ නව රජු සුල්තාන් අබ්දුල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site