මලාවි රාජ්‍යය බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබා වසර 48 ගතවීම නිමිත්තෙන් එරට ජනපතිනී ජොයිස් බණ්ඩා සිරකරුවන් 377 ක් නිදහස් කිරීමට තීරණය කළාය. එම සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙක් යහපත් කල්කි‍්‍රයාව සහ දඬුවම් කාලයෙන් අඩක් නිම කර තිබූ අය වෙති. ස්තී‍්‍ර දුෂණ චෝදනාවලට වැරැදිකරුවන් වූ සිරකරුවන්ට නිදහස දීම ප‍්‍රතික්ෂේප කළ ජනපතිනිය ප‍්‍රකාශ කළේ ඔවුන්ට සිරගෙය තුළම මිය යෑමට ඉඩ හළ යුතු බවය. මෙවර මලාවි නිදහස් දිනය වෙනුවෙන් උත්සව පැවැත්වීමට අධික මුදලක් වැය නොකරන ලෙසද පැවසූ ජනපතිනිය අවධාරණය කළේ ජාත්‍යන්තර ආධාර නොලැබීයාම හේතුවෙන් මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට කටයුතු කරමින් සිටින මොහොතේදී එවැනි උත්සව නුසුදුසු බවය. ජනපතිනියගේ මෙම තීරණය මලාවි ජනතාවගේ ප‍්‍රසාදයට හේතු වී ඇති බව ද වාර්තා වේ. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී හිටපු ජනපති මුතරිකාගේ හදිසි අභාවයෙන් අනතුරුව ජොයිස් බණ්ඩා බලයට පත් වූවාය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලාවි සිරකරුවෝ 377කට නිදහස
බණ්ඩාර Monday, 09 July 2012 11:26 AM
අනේ අපේ කරුමයක් පළ දෙන්නයි යන්නේ අනේ , අපිව ඇතුලෙම තියන්න.නිකන් කන්න හම්බු වෙනවනේ