තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරින් බරපතළ තුවාල ලබා මේ වන විට බි‍්‍රතාන්‍ය රෝහලක සුවය ලබමින් සිටින මලාලා යුසුෆ්සායි දැරියගේ සුවදුක් බැලීමට පාකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි පෙරේදා(9) බර්මිංහැම්හි පිහිටි ක්වීන් එළිසබෙත් රෝහලට පැමිණියේය.
පහළොස් හැවිරිදි මලාලා දැරියගේ සුවදුක් බැලීමට ජනපති සර්දාරි රෝහලට පැමිණියේ සිය දියණිය වන අසීෆා භූතෝ ද සමඟය. එහිදී සර්දාරි මලාලා දැරියගේ පවුලේ සාමාජිකයන් සහ ඇයට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් හමු වූ බව වෛද්‍ය ඬේව් රෝසර් පැවැසීය.
ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් විය. ඒ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ නිසාය. පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය බි‍්‍රතාන්‍යයට රැගෙන ගියේය. පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසා ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
856
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මලාලා බලන්න ජනපති සර්දාරි බි‍්‍රතාන්‍යයට
නිත්‍යා Friday, 28 December 2012 12:41 PM
වීර දියණියක් (ස)