මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු මලයාසියා ගුවන් යානයේ සුන්බුන් අතර තිබී හමුවූ සිරුරු 74ක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නෙදර්ලන්තයට ගෙනවිත් ඇත. නෙදර්ලන්තයේ එවින්දෝවන් ගුවන් හමුදා කඳවුරට හමුදා යානා මගින් ගෙන එන ලද මේ සිරුරු අවමංගල්‍ය රථ පෙරහැරකින් ඕලන්දයේ හිල්වසම් හමුදා කඳවුරට ගෙන යන ලදී. ඉතා ගාම්භීර රථ පෙරහැරකින් මේ සිරුරු අධිවේගී මාර්ග ඔස්සේ රැගෙන යද්දී මාර්ගයට ඉහළින් ඇති පාලම්වලට රැස්වූ සිය ගණනක් ජනතාව එදෙස බලා සිටියහ. මේ අතර ඕලන්ද රජ පවුලේ මැක්සිම් කුමරිය ද සිටි බවත් ඇය සිරුරු ගෙන යන අයුරු දැක කඳුළු සැලූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරුරු වැඩි ප්‍රමාණයක් හඳුනාගත නොහැකි ආකාරයෙන් පිළිස්සී ඇති බැවින් සියළුම දෙනා නිශ්චිතව හඳුනාගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ විශේෂඥයෝ කියති. මේ සිරුරු හඳුනාගැනීම සඳහා ලෝකය පුරා අධිකරණ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් 1000 ක පිරිසක් කැඳවා ඇතැයි ද දැනගන්නට ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මලයාසියා යානයේ සිරුරු පරීක්ෂාවට
සමන්ති Saturday, 26 July 2014 01:38 PM
නෙතෙර්ලන්තයයි ඕලන්දයයි එකම රටක් නේද ? (නදී)
යශෝධා Saturday, 26 July 2014 02:18 AM
ජීවිතයකට ලබා දී ඇති වටිනාකම අවබෝධ වූ මේ රූප පෙළ දුටු විට අපේ රට ගැන හිත කඩා වැටෙන හැගීමක් ඇති උනා.(නදී)
චමින්ද Saturday, 26 July 2014 04:53 AM
ඉතාම සංවේදී ජනක දසුන් පෙළක්. සියල්ලන්ටම නිවන් සුව පතමි. (නදී)