අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිත් තොරතුරක් සොයාගැනීමට නොහැකිව අතුරුදන්ව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එම් 370 අංක දරන ගුවන්යානයට අයත් යැයි සැකකරන ගුවන්යානා පියාපත් කොටසක් මැඩගස්කරය ආසන්නයේ පිහිටි දුපත් වන ලා රියූනියන් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගත් බව කියති.
ලා රියූනියන් දුපත ආසන්න ඉන්දියා සාගර කලාපයේ වෙනත් කිසිදු ගුවන්යානයක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරක් නොමැති හෙයින්ද, මුළු ඉන්දියන් සාගරයම සැළකුව ද එම්.එච් 370 හැරෙන්නට වෙනත් ගුවන්යානයක් මෑත කාලයේ එම කලාපයේදී අතුරුදන්ව හෝ වෙනත් අනතුරකට ලක්ව මුහුදේ ගිලී ගොස් හෝ ඇති බවට වාර්තාවක් නොමැති හෙයින්ද පරීක්ෂකයින් තරයේම විශ්වාස කරන්නේ මෙම ගුවන්යානා කොටස එම්.එච් 370 ටම අයත් කොටසක් බවය.
මෙම කොටස හමුව ඇත්තේ මින් පෙර යානය සොයා මෙහෙයුම් දියත් කෙරුණු මුහුදු කලාපයෙන් සැතපුම් 3000 කට පමණ ඈතින් වීම විශේෂය වේ. පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙක් සමඟ එම්.එච් 370 අතුරුදන් විය. එය අවසානයට ගමන් කරමින් සිටියේ ඉන්දියා සාගරය මතිනි. වහාම යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණ ද යානයට අත්වූ ඉරණම පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුණි.
හමුව තිබෙන ගුවන්යානා කොටස බෝයිං සමාගම වෙත යැවීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. සොයාගැනීම පිළිබඳ පළව තිබූ මාධ්‍ය වාර්තාවල යානා කොටස මුහුදු බෙලිකටු වලින් වැසී තිබුණු බව සදහන් විය. එයින් පැහැදිලි වන්නේ මෙය සැළකිය යුතු කාලයක් මුහුදේ තිබී ඇති බවය.
මෙය අතුරදන් වූ එම්.එච් 370 ටම අයත් යැයි තහවුරු කරගත් පසු යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු වඩා විශ්වාසයකින් යුතුව ඉදිරියට දියත් කිරීමට පරීක්ෂකයින් අපේක්ෂාවෙන් සිටිති.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලයාසියා යානයේ කෑලි මැඩගස්කරයෙන්
ආනන්ද දොඩන්ගොඩ Tuesday, 04 August 2015 02:01 PM
මෙම ගුවන් යානා කැබලි සොයා ගත්තේ , මැඩගස්කරයෙන් නොව , ප්‍රංශයේ එතෙර භූමියක් වන ලා රි යුනියන් කියන රටින් බව පැවසිය යුතුයි (බ)
ලලිත් Friday, 31 July 2015 12:40 PM
උදිත්, ඔයා එහෙම හිතුවට සුමනේ අයිය දැන් හුඟක් වෙනස්වෙලා. ඉස්සර වගේ නෙවෙයි එයා දන්නවා එ්ත් කියන්නේ නැහැ. එ්ක නිසා වැඩක් නැහැ. (නදී)
මාලි Friday, 31 July 2015 02:13 AM
අර සුමනදාස අබේගුනසේකරගෙන් ඇහුවා නම් හරියටම කියාවි(නදී)
අමිළ Saturday, 01 August 2015 02:47 AM
මැඩගස්කරයෙ පැත්තේ නම් අර පෙන්ගුයින් ලගේ වැඩක් ද දන්නේ නැහැ (නදී)
උදිත් Thursday, 30 July 2015 10:24 AM
මැලේසියා සමාගමේ මහත්තුරු අපේ සුමනේ අයියා ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ. (බ)
උදිත් Saturday, 01 August 2015 02:33 PM
අයියෝ ලලිත් සුමනේ අයියට මක් වෙලාද?(නදී)
සඳුන් Monday, 03 August 2015 08:07 AM
අපේ කෙනෙකුත් ඒ කාලේ කිව්වේ සති දෙකක් ඇතුළත හම්බ වෙනවා කියලා. සියයට 50 සම්භාවිතාව තිබුන එකත් වරද්දපු එකේ මේක කොහොම කියන්නද? (නි)
නෙරන්ජ Thursday, 30 July 2015 01:02 PM
මාලදිවනේ ඉන්න මිනිස්සු දැක්ක කිව්වනේ එයාලගේ දුපත් උඩින් ගොඩක් පහතින් අහස් යානාවක් ගියා කියල, මේක එම යානය නම් ඒ මිනිස්සු කියල තියෙන්නේ හරියටම හරි (නදී)
දුමින්ද Thursday, 30 July 2015 09:03 AM
අබිරහස් උවද කලකදී උඩ මතුවේ (ම)