IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මිලියන දෙකක් මැරිලා

අත්‍යන්ත කාලගුණික තත්ත්ව හේතුවෙන් ඉකුත් වසර 50 කාලයේදී මිලියන දෙකකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් මේ කාලයේ දී සිදුව ඇති ආර්ථික පාඩුව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ඉක්මවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

වසර 1970 සිට 2021 දක්වා කාලයේ දී කාලගුණික, දේශගුණික සහ ජල ආශ්‍රිත අනතුරු සහ උපද්‍රව නිසා ව්‍යවසන 12,000කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇතැයි ද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරයි. මෙම ව්‍යවසනවලින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් තිබෙන රටවලට වන අතර මරණ 10කින් නමයක් ම සිදුව ඇත්තේ මෙම ව්‍යවසන නිසා ය. ආර්ථික පාඩුවලින් සියයට 60ක්ම සිදුව ඇත්තේ දැඩි අහිතකර කාලගුණික තත්ත්ව සහ දේශගුණික කම්පන හේතුවෙන් යැයි ද එම සංවිධානය කියයි.

මෙම ව්‍යවසන හේතුවෙන් අව සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් තිබෙන කුඩා දූපත් රටවල් “විසමානුපාතික” ලෙස පීඩාවට පත්ව ඇතැයි ද ඔවුන්ගේ ආර්ථික දෙස බැලීමේදී අදාළ රටවලට මෙම ව්‍යවසන හේතුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරයි.

අවාසනාවන්ත ලෙස, කාලගුණික, දේශගුණික සහ ජල ආශ්‍රිත අනතුරු සහ උපද්‍රව නිසා ඇති වූ ව්‍යවසනවල පීඩාවට දැරීමට සිදුව ඇත්තේ ද වඩාත් අවදානම් ප්‍රජාවලට යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් පෙටෙරි ටලාස් පැවැසීය.

ගෙවුණු වසර 50කට ආසන්න කාලයේ දී ස්වභාවික ව්‍යවසන හේතුවෙන් අව සංවර්ධිත රටවලට සිදුව ඇති ආර්ථික පාඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30කට ආසන්න යැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නවතම වාර්තාවේ සඳහන් ය.

සෑම ව්‍යවසන පහකින්ම එකක් හේතුවෙන් සංවර්ධනය වෙමින් තිබෙන කුඩා දූපත් රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට බලපා තිබේ. ඇතැම් අවස්ථාවලදී මේ ව්‍යවසන හේතුවෙන් මේ රටවල සමස්ත ආර්ථිකය ම අතුගා දමා ඇත.

දැඩි අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් පසුගිය වසර 50ක කාලයේ දී වැඩිම මරණ ගණනාවක් වාර්තා වී ඇත්තේ ආසියාවෙන් වන අතර එම මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ. එයින් ද අඩකට වැඩියෙන් වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයෙනි.

අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් අප්‍රිකාවෙන් මරණ 733,585ක් වාර්තා වී ඇති අතර එයින් සියයට 95ක් ම වාර්තා වී ඇත්තේ නියං තත්ත්ව හේතුවෙන්.  

(එක්සත් ජාතීන්ගේ පුවත් ඇසුරිනි)



අදහස් (0)

මිලියන දෙකක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18075 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 16823 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10823 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 476 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 145 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site