
ලොව උසම කන්ද වන අඩි 8,848 ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 92 කි. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු, කත්මණ්ඩු නුවර දී අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.
එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය.කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති 2කට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායයෙකු ලෙස එක්ව ඇත.
ඒ වනවිට කාංචා ෂර්පාගේ වයස අවුරුදු 19 ක් විය. එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් වෙනුවෙන් සහාය දක්වා තිබේ. කාංචා ෂර්පා නේපාල කඳු මාර්ගෝපදේශකයින්ගේ පුරාවෘත්තයක් මෙන්ම ආශ්වාදයක් ලෙස ගෞරවනීය පිළිගැනීමකට ලක්වුණු අයකු බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුලින්ම එවරස්ට් තරණය කළ අවසන් සාමාජිකයා සමුගනී