IMG-LOGO

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ට රටින් පිටවීම තහනම්

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට රටින් පිටවීම එරට අධිකරණයක් මගින් ඊයේ (26) සිට තහනම් කර තිබේ. ජනපති ධුරයේ සිටිද්දී, බලතල අයථා ලෙස පාවිච්චි කළේ යැයි නෂීඞ්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙයි. බි‍්‍රතාන්‍ය සංචාරයක් අවසන් කරමින් නෂීඞ් යළි මාලදිවයිනට පැමිණියේ පෙරේදා (25) ය. ජනපති ධුරයේ සිටිද්දී නෂීඞ්, අබ්දුල්ලා මොහොමඞ් නමැති එරට ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු සමඟ ගැටුම් ඇති කර ගත්තේය. විනිසුරුවරයාගේ තීන්දුවලට විරෝධය දක්වමින් නෂීඞ් කියා සිටියේ විනිසුරුවරයා විපක්ෂ කණ්ඩායම්වලට පක්ෂව තීන්දු ලබා දෙන බවත් ඔහු අක‍්‍රමිකතා රුසකට සම්බන්ධ අයකු බවත්ය. පසුගිය ජනවාරි මාසයේදී නෂීඞ්, සිය බලතල පාවිච්චි කරමින් විනිසුරු අබ්දුල්ලා මොහොමඞ් අත්අඩංගුවට ගත්තේය. නෂීඞ්ට එරෙහි විපක්ෂ කණ්ඩායම්වලින් මෙන්ම රටේ ජනතාවගෙන් ද විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේ එම අවස්ථාවේදීය. ජනතා විරෝධතා උත්සන්න වීමෙන් ඉකුත් පෙබරවාරි හත් වැනිදා උප ජනපතිව සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දෙමින් නෂීඞ් බලයෙන් ඉවත් වූයේය. වහීඞ් මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර නෂීඞ් චෝදනා කරන්න වූයේ විපක්ෂ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සමඟ එක් වී වහීඞ් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමූ බවය. එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැති අතර, මාලදිවයිනේ කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවුණු බවත් නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යාණුකූලව සිදුවූ බවත් එහිදී තහවුරු විය.



අදහස් (0)

මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ට රටින් පිටවීම තහනම්

අචිනි Thursday, 27 September 2012 04:58 PM

අයියෝ සල්ලි

:       0       0

සමන් Sunday, 30 September 2012 12:44 PM

තුවාන්, මාලදිවයින විතරක් නෙමෙයි, ඇෆ්ගනිස්තානයත් ඉස්සර බෞද්ධ රටක්. අනික තවත් දෙයක්. කාලයකට ඉස්සර මාලදිවයින ලංකාවෙ යටත් විජිතයක්. අ‍පේ ඉතිහාසය ගල්වල ලියවිලා (කොටලා) තියන නිසා කාටවත් අලුත් ඉතිහාසයක් නිර්මාණය කරන්න බැහැ. (නි)

:       0       0

අජන්ත Thursday, 27 September 2012 11:57 AM

දෙයියෝ සාක්කි

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 27 September 2012 08:36 PM

මාලදිවයින ඉස්සර බෞද්ධ රටක්ලු..!(නු)

:       0       0

වන්නි Thursday, 27 September 2012 12:33 PM

කනගාටුයි මහත්තයෝ

:       0       0

මධු Thursday, 27 September 2012 12:50 PM

මේ රට ඉදිරියේදී 2020 විතර වෙනකොට යටවෙනවාලු.. (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site