IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මාලදිවයින් හිටපු ජනපති නෂීඞ් ජනාධිපතිධූර අපේක්ෂකත්වයට

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකළ මාලදිවයින් හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්(45) එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කිරීමට මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. එම පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබූයේ 48,000ක් වන පක්ෂ සාමාජිකත්වයෙන් සිදු කළ ඡන්ද විමසීමකට අනුවය. ඡන්දය පැවැත්වීමට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියා සිටියේ පක්ෂ සාමාජිකත්වයෙන් සියයට 10ක් නෂීඞ් ජනාධිපති අපේක්ෂකත්වයට කැමැත්ත පළ කළ හොත් ඔහුට ඊට සුදුස්සකු ලෙස පිළිගන්නා බවය. එලෙස ඉකුත් 16 වැනිදා පැවැති ඡන්ද විමසීමේ දී පක්ෂ සාමාජිකයන් 22,000කට වැඩි පිරිසක් නෂීඞ්ට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බව පක්ෂ සංවිධායක ඊබ‍්‍රහිම් වහීඞ් සඳහන් කළේය. නෂීඞ්ට විරුද්ධව ඡන්ද ප‍්‍රකාශ කර තිබුණේ ඉතා සුළු පිරිසක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මෙම ප‍්‍රතිඵල නිකුත් වූයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලින් අඩක් නිම වූ අවස්ථාවේදීය. ඒ අනුව මොහොමඞ් නෂීඞ් එළඹෙන මාලදිවයින් ජනාධිපතිවරණයට එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෙස තේරී පත් වූ බව එම පක්ෂය පවසයි. ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහ එරට ව්‍යාපාරිකයන්ගේ පෙළඹවීම මත 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් විසින් තමාට ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කළ හෙයින් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව නෂීඞ් පවසයි. මෙලෙස මාලදිවයින තුළ නිර්මාණය වූ වියවුල් දේශපාලන තත්ත්වය මැඬපැවැත්වීමට සඳහා ජනාධිපතිවරණයක් පවත්වන්නැයි යුරෝපා සංගමය,ඇමෙරිකාව සහ ඉන්දියාව මාලදිවයින් රජයට දන්වා තිබේ.



අදහස් (0)

මාලදිවයින් හිටපු ජනපති නෂීඞ් ජනාධිපතිධූර අපේක්ෂකත්වයට

කිරිමාටින් Wednesday, 20 June 2012 01:29 PM

කවුරු ආවත් අපට මොකද ???..

:       0       0

ඒඑස් Wednesday, 20 June 2012 01:13 AM

මලදිවයිනටත් ෂරියා ඉල්ලලා කෑ ගහැපු අයගෙ‍ හිතට දැන් අමාරු ඇති නේද ...

:       0       0

උදිත Tuesday, 19 June 2012 04:28 PM

මොනව උනත් හොඳ මිනිහා !!!

:       0       0

රන්දික Tuesday, 19 June 2012 05:29 PM

අත අරින්න එපා...

:       0       0

ෆාරැ Tuesday, 19 June 2012 06:23 PM

උදිත ඔයා මොනවද දන්නේ මෙයා ගැන...

:       0       0

කෝලිත Wednesday, 20 June 2012 10:04 AM

සාධාරණ ඡන්දයක් තියෙයි කියල හිතන්න අමාරුයි ඒත්....ජය වේවා !

:       0       0

දිනේෂ් පෙරේරා Tuesday, 19 June 2012 11:37 AM

මාලදිවයිනේ බහුතර ජනතාවගේ කැමැත්ත...

:       0       0

සකලබුජං Tuesday, 19 June 2012 09:44 PM

රනරාලගෙන් ඇහුවනං කියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site