IMG-LOGO

මාලදිවයින් විරෝධතාකරුවෝ 82 ක් පොලිස් අත්අඩංගුවේ

මාලදිවයින් රජයට විරෝධය දැක්වීම සඳහා කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවෝ අසූදෙදෙනෙක් පෙරේදා (21) මාලේ නුවරදී අත්අඩංගුවට ගනු ලැබූහ. මේ වනවිට රට පුරා රාජ්‍ය විරෝධී කැරැල්ලක් පැතිර යෑමට පටන් ගෙන ඇති බවත් එම කැරැල්ල මෙහෙයවන්නේ ආගමීක අන්තවාදීන් බවත් මාලදිවයින ජනාධිපති මොහොමඞ් නෂීඞ් චෝදනා කරයි. විරෝධතාකරුවන් රජයට එරෙහි උද්ඝෝෂණ ආරම්භ කළේ ඉකුත් බ‍්‍රහස්පතින්දා (19) සිටය. පෙරේදා උදෑසන සියයකට වැඩි විරෝධතාකරුවන් පිරිසක්, මැලේ අගනුවරට රැස්වී කලහකාරීව හැසිරෙමින්, රාජ්‍ය දේපොළවලට පහර දී අලාභහානි කිරීමටත් ගිනි තැබීමටත් පටන් ගත්හ. ඔවුහු රජයේ ඇමැතිවරයකුගේ නිවසකට ගිනි තබා, රාජ්‍ය රූපවාහිනී ආයතනයට කඩා වැදී එහි මාධ්‍යවේදීන් සය දෙනකුට පහර දුන්හ. කලහකාරී පිරිස මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිස් නිලධාරීන් යෙදවීමට රජයට සිදුවූයේ එම අවස්ථාවේදීය. පොලිසිය පැමිණ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ ගනිද්දී ඔවුහු පොලිස් නිලධාරීන්ට පහර දී පොලිසියේ ජීප් රථ දෙකක් ගිනිබත් කළහ. එම අවස්ථාවේදී පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමටත් කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීමටත්  පියවර ගත් බව මාලදිවයිනේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමේ ප‍්‍රකාශක මොහොමඞ් ෂරීෆ් පවසයි. කෙසේ නමුත් අත්අඩංගුවට ගත් පිරිස පැය කීපයකට පසු මුදාහැරිය බවද වාර්තා විය. මාලදිවයිනේ මේ අයුරින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැුල්ලක් ආරම්භ වුණේ, එරට අපරාධ අධිකරණයේ විනිසුරුවරයකු අත්අඩංගුවට ගන්නැයි ජනාධිපති නෂීඞ්, පොලිසියට අණදීමෙන් පසුවය. රජයට විරුද්ධ චූදිතයන්ට විශේෂ සැලැකිල්ලක් දක්වන බවට එම විනිසුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට අමතරව මාලදිවයිනේ ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘දිවේහි ක්වමී’ පක්ෂයේ  ප‍්‍රධාන පෙළේ දේශපාලනඥ මොහොමඞ් ජමීල් ද අත්අඩංගුවට ගැනීමට ජනාධිපති නෂීඞ් කටයුතු කර තිබේ. ජමීල් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් සතියේ බදාදා (18) ය. හිටපු අධිකරණ ඇමැතිවරයකු ද වන ඔහු අත්අඩංගුවට ගැනුණේ ජනතාව කුපිත කරවන අයුරින් දේශන පැවැත්වීම නිසාය. ජනාධිපති නෂීද් මාලදිවයිනේ වෙසෙන යුදෙව් සහ කි‍්‍රස්තියානි පාදිලිවරුන්ගේ පදේට නටන බවට  ජමීල් පවසා ඇත. ජනාධිපති නෂීඞ් පවසන්නේ ජමීල් ආගමීක අන්තවාදීන් සමඟ එක්වී රට අවස්ථාවර කිරීමටත් ආගමික ගැටුම් ඇති කිරීමටත් උත්සාහ ගන්නා බවය. විරෝධතාකරුවකු පොලිස් අත්අඩංගුවට....



අදහස් (0)

මාලදිවයින් විරෝධතාකරුවෝ 82 ක් පොලිස් අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site