IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මාලදිවයිනේ නියෝජ්‍ය ජනපති අත්අඩංගුවට

මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් ඝාතනයට තැත් කළේ යැයි සැකපිට එරට නියෝජ්‍ය ජනපති අහමඩ් අබීබ් අත්අඩංගුවට ගැනීමට මාලදිවයින් බලධරයෝ ඊයේ (24) කටයුතු කළහ.

සිංගප්පූරුවේ සංචාරයක නිතරව සිටි අගමැති අහමබ් යබීබ් මාලදිවයිනට පැමිණි වහා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු පිළිගැනීමට පෙරමග බලා සිටි ඔහුගේ ආධාරකරුවන්වද විසිරුවා හැරිණි.

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් අවශ්‍ය පියවර ගැනීමට පොලිසිය හා ආරක්ෂක අංශ සීරුවෙන් සිටියහ.

ගෙවුණු සැප්තැම්බර් මස ජනපති අබ්දුල්ලා යමීන් ගමන් කරමින් සිටි අධිවේගී මෝටර් බෝට්ටුවක පිපිරීමක් සිදුවිය.පිපිරීමෙන් ජනපතිවරයාට කිසිදු හානියක් සිදුනොවුනි.

පිපිරීම ජනපතිවරයා ඝාතන තැතත් විය හැකියැයි එරට ආරක්ෂක අංශ සැකකරයි.

සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ජනපතිවරයාගේ සම්බන්ධයක් පවතීද යන්න පිළිඹඳ ඔහුගෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලින් සොයාබැලෙන බව මාලදිවයින් බලධාරීහු කියති.

 

.

 



අදහස් (0)

මාලදිවයිනේ නියෝජ්‍ය ජනපති අත්අඩංගුවට

ශාන්ත Sunday, 25 October 2015 12:24 PM

අහ්මෙඩ් අබිබ් හිටපු සංචාරක ඇමැති. මාලදිවයිනට හොද උප ජනාධිපති කෙනෙක් හිටියා එයාව බලෙන් නෙරපලා අබ්දුල්ලා යමීන් මෙයාව උප ජනාධිපති කෙරේ යමීන්ගේ පවුලගේ උපන්දිනයට මිලියනයක් වටිනා මෝටර් රථයක් සහ ලක්ෂ 05ක් වටිනා මුද්දක් දුන්න අහ්මෙඩ් අබිබ් කියන්නේ ඉස්සර රේගු නීලධාරියෙක් මොලදිවයින කියන්නේ ලස්සන රටක් මේ ආණ්ඩුව ඇවිල්ල රට කෑවා .තමුන් ඇතිකරපු නයා තමුන්ට දෂ්ඨ කළා (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 25 October 2015 01:07 PM

ශාන්ත, ඔය ශ්‍රී ලංකන් ගුවන් හමුදාවේ හිටියද (බ)

:       0       0

ශාන්ත රණවක Monday, 26 October 2015 06:26 AM

මම මාලේ ගැන හොදට දන්නා නිසා විස්තර ලීයුවේ .අහ්මෙඩ් අධිබ් කියන්නේ මගේ හොද මීතුරෙක් .මම මාලේ අවුරුදු 29ක් වෙනවා හොදම ජනාධිපති තමා මොහෙමෙඩ් නෂීඩ්(අන්නි)රටේ ජනතාවට සැලකුවේ හැදුනුම්පතට බෙහෙත් ගන්න වයස .65ක් වුනාම 5000(රුෆිය)ක් දුන්න.හැදුනුම් ලංකාවෙන් ඉන්දියාවෙන් වුනත් ලෝකේ ඕනෑම රටකින් බෙහෙත් කරන්න පුළුවන් .නැවතත් ජනාධිපති වේවා කියා මේ ප්‍රර්ථනාව .මොකද මෙහෙ රැකියාව කරන අපට වුනත් හොදට සැලකුව. (බ)

:       0       0

රුවන් Wednesday, 28 October 2015 02:40 PM

නීතිය කාටත් පොදුය (නි)

:       0       0

පෙරේරා Tuesday, 27 October 2015 05:52 PM

ලංකාවේනම් කොමිසමක් පත් කරලා එක එක්කෙනාගෙන් සිද්දිය ගැන ප්‍රශ්න කර කර ඉඳීවි නේ.???..(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site