ඉන්දියාව සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය සහ චීනයට වඩාත් ළං වීම හරහා ඉන්දීය සාගරයේ පිහිටි මාලදිවයිනේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී ඇතැයි පෙන්වා දෙමින්, මාලදිවයින ජනාධිපති මොහොමද් මුයිසුට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇතැයි පැවැසෙයි.
පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමිවීමත් සමඟ මුයිසුගේ ජනාධිපති ධුරය ද අවදානමකට ලක් වී ඇත. පසුගිය දා මුයිසු පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළ අවස්ථාවේදී, හම අවස්ථාවට සහභාගී වී සිටියේ මන්ත්‍රීවරුන් 81 දෙනාගෙන් 24 දෙනකු පමණක් බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම සැසිය වර්ජනය කළ මන්ත්‍රීවරුන් ගණන 56 කි.
මුයිසුගේ ඉන්දීය විරෝධී විදෙස් ප්‍රතිපත්ති මාලදිවයිනේ ස්ථාවරත්වයට මෙන්ම ආරක්ෂාවට ද තර්ජනයක් බව පෙන්වා දෙන්නේ මාලදිවයින විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂයයි. මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රීවරුන් 44 දෙනකුගෙන් සමන්විත අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 13 කි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලදිවයින ජනාධිපතිට පාර්ලිමේන්තුවේ අප්‍රසාදය