මාලදිවයිනේ පෙරේදා (14) පැවැති අතුරු මැතිවරණ දෙකකින් එරට ජනපති මොහොමඞ් වහීඞ්ගේ නව රජයට හිතවත් දේශපාලන පක්ෂ පහසු ජයක් අත්පත් කර ගත්තේය. පොලිසියත් හමුදාවත් සමඟ එක්වී කුමන්ත‍්‍රණය කර, ජනපති ධුරයේ සිටි මොහොමඞ් නෂීඞ් බලයෙන් නෙරපා, බලය අල්ලා ගත්තේ යැයි චෝදනා ලැබ සිටින වහීඞ්ගේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමක් එම අතුරු මැතිවරණවලින් පෙනී ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අතුරු මැතිවරණ පැවැත්වුණේ තිමරෆූෂී සහ කෂීඩෝ යන පළාත්වලය. 2009 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඡන්ද පෙස්සම් නිසා ආසන අහිමි වීම අතුරු මැතිවරණ පැවැත්වීමට හේතු විය. තිමරෆූෂී අතුරු මැතිවරණයෙන් ඡන්ද 1,755 ක් දිනා ගනිමින් ජනපති වහීඞ්ගේ රජයේ සන්ධාන පක්ෂයක් වන මාලදිවයින් ප‍්‍රගතිශීලි පක්ෂය ජයග‍්‍රහණය කළේය. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට හිමිකර ගැනීමට හැකිවූයේ ඡන්ද 1,327 කි. කෂීඩෝ අතුරු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ වහීඞ්ගේ රජයේ තවත් සන්ධාන පක්ෂයක් වන ජුම්හූරී පක්ෂයි. එම පක්ෂය ලබා ගත් ඡන්ද ගණන 1,107 කි. හිටපු ජනපති නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 784 ක් පමණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලදිවයිනේ අතුරු මැතිවරණ දෙකක්