මාලදිවයිනේ නව ආණ්ඩුව දින 100ක වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මොහොමද් සෝලි ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.
මොහොමද් සෝලි ඊබ්‍රහිම් පසුගිය 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර ඊට පසු ජනාධිපති කාර්යාලය අදාළ දින 100 වැඩසටහන ඇතුළත් පිටු 15කින් යුත් ලේඛනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එම දින 100 වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 23ක් ආවරණය වන පරිදි පොරොන්දු 161ක් ලබා දී ඇත.
එහි පළමු දිනය, පළමු සතිය, පළමු මාසය, පළමු දින 60 සහ පළමු දින 90 යනුවෙන් කොටස්වලට බෙදා ඇත.
දූෂණය නිසා අහිමි වූ රාජ්‍ය මුදල්, වංචා හා දූෂණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කිරීම සහ ඒවා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දේශපාලන සිරකරුවන්ගේ නඩු විභාග හා චෝදනා පිළිබඳව නැවත විමසා බැලීම, පෞද්ගලික වුවමනාවලට අනුව අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධ සිදුවීම් නැවත විමසා බැලීම එම දින 100 වැඩසටහනේ පළමු දිනයේ පොරොන්දුය.
එම පොරොන්දුවලට අනුව යමින් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඞ්ට එරෙහිව ලබා දුන් තීන්දු විමසා බැලූ අතර ඔහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා සියල්ල වැරැදි බවත් සියලු චෝදනාවලින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කරන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) පියවර ගත්තේය.
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලදිවයිනෙත් දින 100 වැඩසටහනක්