
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයිරස පවුලටය. ‘මර්බර්ග්’ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් වන අතර, එහි මරණ අනුපාතය සියයට 88 ක් යැයි පැවැසෙයි.
‘මර්බර්ග්’ වයිරස වසංගතයක් ගැන රුවන්ඩා සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් කර තිබේ. මේ වනවිට වයිරසය ආසාදනය වී අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. නැගෙනහිර අප්‍රිකාවට අයත් රුවන්ඩාවේ ‘මර්බර්ග්’ වයිරසයේ ව්‍යාප්තියක් සිදුවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
රුවන්ඩා සෞඛ්‍ය අමාත්‍ය සබීන් සන්සිමානා පවසා ඇති අන්දමට රුවන්ඩාවෙන් වාර්තා වන ‘මර්බර්ග්’ ආසාදිතයන් ගණන 20 කි. ඔවුන් සියලු දෙනා රෝහල්වල නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ලබා දීම සිදුවෙයි.
තද උණ, හිසරදය, මස් පිඩු වේදනාව, වමනය සහ පාචනය ‘මර්බර්ග්’ වයිරස ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ වෙයි. මෙම රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසුවන ලෙසත්, රෝග ලක්ෂණ ඇති අයකු සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත්, එවැනි රෝගීන් කඩිනමින් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු බවත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.
දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් මාලාවක් ද ඉදිරිපත් කරමිනි. ඒ අනුව, මංගල උත්සව, අවමංගල අවස්ථා ආදියට සහභාගී වන පිරිස් සීමා කර ඇත. ‘මර්බර්ග්’ වයිරස, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝවී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි.
‘මාර්බර්ග්’ වයිරසය මුලින්ම සොයා ගත්තේ 1967 වසරේදීය. ජර්මනියේ මාර්බර්ග් නගර වැසියන් අතරේ එය පැතිරෙද්දීය. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සහ සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරින් ද ආසාදිතයන් වාර්තා වූ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ